01

96 15 78
                                    

" හියොන්... "
ජිම් එකට යන්න කියල හිතන් එළියට බහින්න හදාපු බිනී කෑ ගැහුවේ උදේ පාන්දර හොල්මනක් දැකල වගේ.

" හියොන්.... මෙහෙ එන්නකෝ.. "
කුස්සියට වෙලා ඉදපු මින්හො වැඩිය කලබලයක් නැතුව ලිපත් ඕෆ් කරලම බිනී ඉන්න තැනට ආවෙ මෙහෙ ඉතිං හොල්මනක් ඉදියත් අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ කියල හිතන ගමන්.

ඒත් මිංහොත් එක පාරටම හිටි තැනම ගල් උණේ එයාගෙ ඇස් අදහගන්න බැරුව.

" මගෙ දෙය්යනේ? මේක... මේක කොහොමද මෙතනට ආවෙ.? "

" මන් දන්නෙ කොහොමද? "

එයාලගෙ ගෙදර දොරකඩ ගාව බිම තිබුණෙ ටිකක් විතර ලොකු පික්නික් බාස්කට් එකක්.
පුදුම වෙන්න කාරණේ තමයි....
ඒ බාස්කට් එක ඇතුලේ ඉදියේ පුංචි බබෙක්.

***

" බිනී.... ගිහිං ඔක්කොමලව නැගිට්ටවන්න. "
මින්හො එහෙම කියන ගමන් බිමට නැමිල හරි පරිස්සමට අර බකට් එකත් එක්කම බබාව අත් දෙකින්ම උස්සගෙන ගෙදර ඇතුල්ට ගෙනිච්චා.

උපරිම විනාඩි පහළවක් විතර යද්දී ගෙදර හැමෝම කෑම මේසේ වටේ වට වෙලා ඉදියේ ෆුල් හොල්මන් වෙලා.

" මෙයාට.... පණ තියේද? " ෆීලික්ස් ඇහුවේ හරිම හිමිීට බබාගේ කම්මුලකට ඇඟිල්ලකින් අනින ගමන්.

" ඇය් මනුස්සයො පේන්නෙ නැද්ද මේ බබා ඇස් පිය ගහනව. "
හාන් රිදෙන් නැති වෙන ගාණට ෆීලික්ස් ගෙ ඔලුවටත් පාරක් ගහන ගමන් කිව්වා.

" මේ අහනවලා.... මේ බබා.... අපේ ගෙදර දොරකඩ ඉදියේ. "
මින්හො ටිකක් සද්දෙන් කිව්වේ ගෙදර එකෙක්ටවත් මේකෙ බරක් පතලක් තේරෙන්නේ නැතිම තැන.

" මන් මේ වගේම ෆිල්ම් එකකුත් බලල තියේ. ඒකෙත් මේ වගේම කොල්ලො ටිකක් ඉන්න ගෙයක් ඉස්සරහ එක කෙල්ලෙක් බබෙක් එක්ක බාස්කට් එකක් තියල යනවා. ඒ කෙල්ල එහෙම දෙයක් කරන්නේ... මොකද, ඒ බබාගේ අප්පා ඒ කොල්ලොන්ගෙන් කෙනෙක් නිසා. " සුන්ග්මින් කිසි ගාණක් නැතුව කියල දාද්දී හැමෝම හැරිලා බැලුවේ නිධිමරගාතේ ඉදපු හියුන්ජින් දිහා.

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDWhere stories live. Discover now