" ඉනී.... මෙතනද නිදාගත්තේ... "
" ම්ම්ම්...? "
පහුවෙන්දා උදේ මින්හො නැගිටලා එනකනුත් හියුන්ජින් නම් ඉදියේ කලින් දවසෙ රෑ මිනී ගෙ කතාව අහන් ඉදලා නිදියගත්ත ගමන් එහෙන්ම සෝෆා එකේම තමා. ඒ අස්සෙ ඉනිත් ඉදියේ මේසේ උඩම ඔලුව ගහන් නිදාගෙන.
මින්හො ඇවිත් නැගිට්ටවනකල් ජොන්ග්ඉන් ට නින්ද ගිය වගක්කත් නෑ.
" මොකද නිකං තුෂ්ණින් භූත වෙලා... ඇදට ගිහිං නිදියගන්න... යන්න යන්න... "
මින්හො in ව කාමරේට එළවන්න ට්රයි කලත් විනාඩියක් දෙකක් යනකල් in නම් ඉදියේ ඉන්නෙ කොහේද කියලවත් මොලේට නොතේරුණ සිටුවේෂන් එකක.
" දැන් වෙලාව කියද හියුන්. "
" පහයි... "
" වේලාසන වැඩි නෙ අනෙ... තා ටිකකින් නැගිට්ටවන්නකෝ.... අද උදේ ලේක්චර්ස් ඇත්තෙත් නෑ. "
ඉනී එහෙම කියල ආපහු කලින් විදියටම ඔලුව ගහගනිද්දී තමා මිංහොට තේරුණේ තාම කොල්ලා අඩ නින්දෙ කියල.
" ඔහොම නිදාගෙන පස්සෙ බෙල්ල රිදෙනවයි කියන්න එපා. "
*****
එදා දවසෙ මිංහොට ඒ තරම් වැදගත් වැඩක් කියල නොතිබුණත් මුළු දවසම එයා ඉදියේ හිතේ නිදහසක් නැතුව.
උදේ පටන් ගත්ත වෙලාවේ ඉදන් ම එයා හැම වැඩක් ම කළේ යෝල් ව හොයාගන්න විදියක් කල්පනා කරන ගමන්.
කලින් දවසෙ හියුන්ජින් ගෙ යාලුවෙක්ගෙන් ලැබුණ තොරතුර නිසා චොන්සා ගෙ ඔම්මා ඇත්තටම යෝල් කියන එක ස්ථිර වුණත් යෝල් ආ ගිය අතක් ගැන මිංහොට පොඩිමවත් අදහසක් නොතිබුණ නිසා එයාට දවස පුරාවටම උණේ මොකක්ම හරි තොරතුරක් හොයාගන්නකල් එහාට මෙහාට ඇවිදින්න.
චොන්සාව බලාගන්න වැඩේ හියුන්ජින් ට බාර දීලා මින්හො නොගිය තැනක් නෑ යෝල් ගැන තොරතුරක් දැනගන්න. යෝල් ගෙ ගෙදර අයිතිකාරයා තියා ඒ රෝඩ් එකෙ යෝල් අදුනන කිසිම කෙනෙක්වත් දැනගෙන ඉදියේ නෑ යෝල් දැන් ඉන්නෙ කොහේද කියලා.
" එයාව හම්බ වුනාද හියුන්. "
" නෑ... මන් යෝල් කලින් වැඩ කරපු තැනටත් ගියා... එයා එතනත් දැන් වැඩ කරන්නේ නෑ ලු. "
YOU ARE READING
A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLD
Fanfictionකව්රු හරි ඔයාගෙ ගෙදර ඉස්සරහා චූටි බබෙක්ව දාලා ගියොත්? SKZ FF STORY BY : CHAVIOT7 COVER BY: Bin_Sherrysoo