05

53 16 50
                                    

" ඔය පොඩි එකාව නරක් කරන්නේ නැතුව ඉන්නවා. "
සුන්ග්මින් කිව්වේ සෝෆා එකේ හාන්සි වෙලා බබාවත් පපුව උඩින් තියාගෙන ෆෝන් එක ඔබන ෆීලික්ස් ට.
බබත් කිසි වදයක් නැතුව ෆෝන් එක දිහා බලාගෙන ඉදියේ එයත් ඒකට කැමතියි වගේ.

" ඒන්ජල් වද නොදී ඉන්නවනම් එච්චරනේ වෙන්න ඕන. ඒ නිසා පාඩුවේ ඉන්න. "
ෆීල්ක්ස් සුන්ග්මින්ට කියල බබාගේ ඔළුවත් අතගාලා ආයෙත් ෆෝන් එක දිහා බලාගත්තා.

අද ගෙදර ලොකු වෙනසක්. වෙනදට මිංහෝ කෑම ඉව්වෙ තනියම. අනිත් අය සමහර වෙලාවට කුස්සියට ඇවිත් මිංහො එක්ක මොනා හරි කියව කියව ඉන්නව වුණත් අද ඔක්කොමල එකෙන්ම මිංහොට උයන්න උදව් කලා.

ෆීලික්ස් බබාව බලාගන්න බාරගත්තේ බබා දැන් එයත් එක්ක ටිකක් සෙට් නිසා.

පොඩි ඩබලයි චෑනුයි මින්හොට කුස්සියේ වැඩ වලට උදව්වෙද්දී බිනියි ජිනුයි හානුයි බබාට ගෙනාපු බඩු මිංහෝගේ කාමරේ පිළිවෙළක් කරන ගමන් ඉදියේ.

***

"මටනම් හිතෙන්නේ හියොන්ගේ අදහස බබාව හැමදාම තියාගන්න. "
හාන් කැලෑවක් වගේ තිබ්බ මිංහොගේ ඇද අස් කරන ගමන් කිව්වා.

JIN: " මටත් හිතුණා ඒක. එයා අපි හිතන්නත් කලින් බබාට නමකුත් හිතලනේ. "

BIN: " හියොන් බබාට ආදරෙයි අපි හිතනවටත් වඩා.


HAN: " ඒකනම් ඇත්ත. "

ඒ තුන් දෙනා කාමරේ අස් කරල ඉවර වෙනකල්ම එයාලගෙ මාතෘකාව උණේ මිංහොයි බබාවයි.

මින්හො පිටට කොච්චරවත් කිසි දෙයක් ගැන වැඩිය හිතන්නෙ නැති කෙනෙක් වගේ පෙන්නන්න හැදුවත් ඒ හැමෝම දැනගෙන ඉදියා මින්හො හිත ඇතුලෙන් කොච්චර ආදරණිීය කෙනෙක්ද කියල.

එයා අනාථ නිවාසේ ඉදපු කාලෙ ඉදන්ම ඒ විදියමයි.

HAN: " ඇත්තටම දැන් නම් මාත් කැමතියි බබාව හැමදාම අපි ගාව තියාගන්න පුළුවන්
නම්. "

BIN: ඒත් ඒක කරන්න බෑ කියල අපි හැමෝම දන්නෝ නෙ.

JIN: ඒක ඇත්ත. හැබැයි හියොන් ට ඕන වුණොත් එයා කොහොම හරි බබාව එයා ගාවම තියාගනිවී. එයා අපි හැමෝවම එකට තියාගත්තා වගේ.

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDWhere stories live. Discover now