Chapter 49

39 7 3
                                    

සමර් වැකේශන් එකේ අන්තිම මාසෙ.. සැප්තැම්බර් මාසෙ විසිහතර වෙනිදා අපි දාගන තිබුනෙ ස්කොට්ලන්ඩ් යන්න.

සාමාන්‍යයෙන් ඊස්ටර් ට'ම් එක අන්තිමට ලැබෙන සමර් වැකේශන් එක තමයි කොලේජ් එකේ දිගම වැකේශන් එක. අන්ඩග්‍රැජුවේට්ලට මාස තුනක වැකේශන් එකක් ලැබුණත් වෙන්ඩ හබී මට ඇපෲවල් දුන්නෙ සති දෙකක නිවාඩුවකට. ඒකත් අපේ මැරේජ් එකට එඩින්ග්බරෝ යන්න තිබුන නිසා.

ඉතින් එඩින්ග්බරෝ වලට කේම්බ්‍රිජ් ස්ටේෂන් එකෙන් ඩිරෙක්ට් ට්‍රේන් ගන්න බෑ.. එක්කො ලන්ඩන් එන්න ඕනි නැත්තං පීටර්බරෝ ස්ටේෂන් එකට යන්න ඕනි. ඒ නිසා එයා කිව්වෙ මට කලින් දවසෙ ලන්ඩන් ඇවිත් එයාගෙ අපාට්මන්ට් එකේ ඉන්න කියල.. එයාගෙ හදිසි වැඩ වගයක් නිසා එයාට එන්න වෙන්නෙ පහුවදා කියල. ඒත් මට තේරුන විදියට නං මොකක්හරි හේතුවකට මං කේම්බ්‍රිජ් වලින් එයත් එක්කම එනවට මෑන් කැමති උනේ නෑ..

කොහොමහරි ඉතින් හවස එනව කිව්ව මිනිහ අපාට්මන්ට් එකට එනකොට රෑ දහයත් පහුවෙලා තිබුන. අපි ලෑස්තිවෙලා එහෙම අපාට්මන්ට් එකෙන් එනකොට රෑ එකොළහට ලං වෙලා..

"මොකද මෙච්චර පරක්කු උනේ?.."
"හදිස්සියේ වැඩ වගයක් වැටුණ ශරවන්.."
"මං හිතුවෙ වෙලාවට යන්න බැරිවෙයි කියල.."
"මං එනව කියල කිව්වනෙ.."

හරි... එච්චරයි.. අපි යූස්ටන් එනකංම එයා හිටියෙ කාර් එකේ ස්ක්‍රීන් එකට ඔලුව ගහගන පාර දිහා බලාගන ලොකු කල්පනාවක.. යූස්ටන් ස්ටේෂන් එකේ කැලිඩෝනියන් ලොන්ජ් එකට ඇවිත් ටික වෙලාවක් යනකං අපිට ඉන්න උනා චෙකින් වෙන්න. කැලිඩෝනියන් එකේ ලන්ඩන් යූස්ටන් ඉඳල එඩින්ග්බරෝ වෙවර්ලි වලට පැය හතක විතර ගමනක් තියෙනව..

සාමාන්‍යයෙන් මෙහෙ LUMO, LNER ට්‍රේන් වල පැය හතර හමාරකින් විතර යන්න පුළුවන්කම තිබ්බත් ග්ලිෆී නිසා අපිට ස්කොට්ලන්ඩ් යන්න උනේ කැලිඩෝනියන් ස්ලීපර් ට්‍රේන් එකක. මෙහෙ සෑහෙන පෙට් ලව'ස්ල ගොඩක් ඉන්න නිසාද මන්ද LNER වල හොඳින් හැසිරෙන පොඩි බලු පැටියෙක් අරං යන්න පුළුවන්.. හැබැයි... හොඳින් හැසිරෙන.... මං දන්නවනෙ ඉතින් මේ නසරානියට බළල් නැට්ටක් දැක්කත් ඇති ඒක ඇතුළෙ හොඳ පිස්සුවක් නටන්න. කැලිඩෝනියන් එකේ අපිට වෙනම පොඩි කැබින් රූම් එකක් හම්බෙන නිසා ප්‍රශ්නයක් නෑ.. අපි අරගත්තෙ තට්ටු නිදන ඇඳන් දෙකක් එක්ක පොඩි වොෂ් රූම් එකක් තිබ්බ රූම් එකක්.

You've reached the end of published parts.

⏰ Last updated: 4 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

Cambridge Fallen (zhanyi)Where stories live. Discover now