මන් ආසම මන් රෑට නිදා ගන්න වෙලාවට 8 ට අටාමාරට විතර නිදාගෙන 5 ට විතර ලෑස්ති වෙලා වැඩට යන එකට . මොකද මගෙ නින්ද පුරාවටම අර අන්ධකාර හැගීම් එකක් වත් මට නොදැනුනා වෙනකොට හැගීම් කියන්නෙ මොනාද කියන්න වත් දැනෙන්න තරම් මම නොහිටපු නිසා .
ඉතින් මම ගෙදර ආවෙම ඇදට පනින්න බලාගෙන . තියන රස්නෙ හින්දමද මන් දා තව තවත් දුක වැඩිපුර දැනෙනකොට නාගෙන ආවාත් නිදා ගන්න තරම් හිතට සැනසීමක් නැති උනා . ඔලුව කැක්කුමයි . නානාගෙ යාලුවා මට හිසරදයක් වෙලා තිබුණා . මට නිදා ගන්න ඕනේ උනත් නිදා ගන්න බැරි වෙන තරමට නානාගෙ යාලුවා මගෙ ඔලුව අව්ල් කරලා ගියා .
ඇත්තටම ඒ ආඩම්බර කාරයත් මන් එනකන් බලන් ඉන්න ඇතිද ?
නෑ නෑ .. ඌ මොකට මන් එනකන් බලන් ඉන්නද උන්නත් ඒක නිකන්ම නිකන් සමාව ගැනීමකට විතරක් මිසක් මන් ගැන විශේඅහාක් නිසා නෙවෙයි නෙ .
ඉතින් ආයෙමත් ඒ සුපුරුදු බයිලේ . මාව විශේෂ වෙන්නවත් කෙනෙක් මට කැමති වෙන්නවත් තරම් මනුස්සයෙක් නෙවෙයි මම කියන එක ආයෙ ආයෙ හිතෙනකොට හිතට වේදනාවක් දැනුනා . හිස රදේ තව තවත් වැඩි වෙනකොට මගෙ වටෙ තියෙන බඩු මූට්ටු පොලේ ගහලා කුඩු කරන්නතරම් තරහක් මට මන් ගැනම ඇති උනා . අතේ තියෙන පෝන් එක පොලෙ ගහපන් කියලා මගේම අභ්‍යන්තර ය කෑ ගහන කොට උබට ආයෙමත් අලුතෙන් පෝන් එකක් ගන්න තරම් වත් කමක් නෑ නෙද කියන එක ඒ අස්සකින් ම මට මතක් කරා .
උබ හෙන පව් කාරයි බන් !!
අවුරුදු විසි තුනක් වෙච්ච උබගෙන් එකෙක් වත් යාලුවෙන්න අහලා නෑ කියන ඇත්ත මට රිදවනකොට මට මං ගැනම ආත්ම අනුකම්පාවක් දැනුනා. කලකිරීමක් දැනුනා .මන් මහ පව් කියලා දැනුනා .
අහලා නෑ මයිත් නෙවෙයි .. ඒ ඇරයුම් වල තිබුනෙම ආදරේට එහා ගිය යෝජනා වෙනකොට ආදරයක් නැතිව මිනිස්සුන් ව නොදැනෙන නිසා මන් ඒවා ප්‍රතික්ශේප කරා .
හූල්ල හූල්ල මන් ගැනම තැවි තැවි ගෙවපු දවසින් දවස මන් තේරුම් ගත්ත එක දෙයක් තිබුණා ඒ තමයි මගෙන් ප්‍රතිලාභයක් නැති තැන ඒ මිනිස්සු මන් දිහාවට එක බැල්මක් වත් නාස්ති කරේ නෑ කියන එක .
YOU ARE READING
ELORA
Non-Fictionමගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප්රශ්නේ තමයි මේ පාර king ලා දෙන්නෙක්ට එක qeen කෙනෙක් ඉන්න එක ."