"ආයූ රූම් නම්බර් 24 වල අලුතෙන් ආව පේශන්ට්ව පොඩ්ඩක් බලනවද . එයාට සර්ජරි එකක් කරලා තියෙන්නෙ .. ඊයෙ පාන්දර ..තාම කෑමයි බෙහෙතුයි දීලා නෑ.. "
කලින් ශිප්ට් එකේ වැඩකරපු අක්කා මට පේශන්ට් ලා ව භාර දුන්නම මම රූම් නම්බර් 24 වලට අරගෙන යන්න හැරුනා ..
මන් මේ වැඩට ආවේ දවස් දෙකක නිවාඩුවට පස්සෙ . මොන මගුලක් ද මන්දන්නෙ නෑ .. මේ මාසෙ දෙකේ මම වැඩ කරනවට වඩා කෙරුවෙ නිවාඩු ගත්ත එක .
"ටක් ටක් ටක් !! " එලියෙන් දොරට තට්ටුවක් දාලා මන් කාමරේ ඇතුලට ගියා ..
පුරුදු ව්‍යාජ හිනාවත් එක්කලා good morning කියාගෙන ඇතුලට ගියපු මාව සම්පූර්ණයෙන්ම මග නතර උනා ..
හිනාව වාශ්ප වෙලා ගියා ..
"සවිද්‍ර..හ් " මට මිමිනුනා ..රූම් නම්බ 24 බෙඩ් එකෙ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි සවිද්‍ර .
"අහ් මල්ලි .. " සෝපා එකේ ඉදගෙන උන්න අර එයාගෙ දොස්තර යාලුවා කව්ද මට නම මතකත් නෑ දැන් ..
මන් මාරුවෙන් මාරුවට ඒ මනුස්සයා දිහත් නිදාගෙන හිටපු සවිද්‍ර දිහත් බැලුවෙ වෙලා තියන දෙයක් හිතා ගන්නවත් බෑ ..
මේ මනුස්සයා මා එක්ක ඊයෙත් මැසේජ් කරා ඔහොම මගුලක් කිව්වෙ වත් නෑනේ .
"බය වෙන්න එප බන් ..ඌට ඔව්වා සුලු දේවල් උගෙ රස්සාවත් එක්ක "
හ්ම්ම්.. මන් හිමින් ඇද ලගට ගියා .. සවිද්‍ර අයියට නින්ද ගිහින් ..
සමහර විට ඒක් එහෙම වෙන්න ඇති එයාගෙ රස්සාවත් එක්ක මේවා සාමාන්‍ය ඇති.. දැනෙන නොදැනෙන ගානට මන් එයාගෙ කොන්ඩේ අස්සෙන් ඇගිලි ගෙනිච්චා ..
එයා තමයි මෙහෙ පොලිසියේ ලොක්කා . ඉතින්..ඒත් අනේ මන්දා..
මට අවුල් වගේ ටිකක් .. අවුල් කියන්නෙ දුකයි ඉතින් ..
එයා නැගිට්ටම බෙහෙත් දෙන්න ඕනේ නිසා ඉන්ෆෝම් කරන්න කියලා මම රූම් එකෙන් එලියට ආවා ..
.
."මට ඕන බෙහෙතක් නෑ අයිසේ .. "
පුරුදු විදිහමයි මේ මනුස්සයට බෙහෙත්දෙන්න ගියාම මටත් අමුතුවෙන් පෙසර් වලට බෙහෙත් ගන්න වෙනවා .
YOU ARE READING
ELORA
Non-Fictionමගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප්‍රශ්නේ තමයි මේ පාර king ලා දෙන්නෙක්ට එක qeen කෙනෙක් ඉන්න එක ."