"බබා කොහෙද මෙච්චර වෙලා ගිහින් හිටියේ "
මන් රූම් නම්බර් 24 වලටගියපු ගමන් මගෙන් අහන ප්‍රශ්නේ ඕක තමයි .
"ඔයාලගෙ බාප්පව බලන්න ගියා "
"ම්ම්.. දැන් එයාට කොහොමද "
"වෙනසක් නෑ ඉතින් තමත් ඒ විදිහමයි "
"හ්ම්ම්..." එයාලොකු හුස්මක් පාත දාලා ලොකු කල්පනාවකට වැටුනා .
"කෝ මේක බොන්න " මන් බෙහෙත් ටික දුන්නම එයා කිසි කතාවක් නැතුව බෙහෙත් ටික බිව්වා . අම්මො වෙනදට නම් ඉතින් මේටික පොවා ගන්න දහාට සන්නියම නටන්න එපැයි
'මට ඕන බෙහෙතක් නෑ අයිසෙ '
'වද නොදීයනව ඕයි '
'තමුසෙගෙන් තියෙන්නෙ පුදුම කරදරයක් අයිසෙ ' යැයි යැයි තමයි .
"මොකද උනේ " මන් එයාගෙ අත් ගොබේ උඩින් අත තියලා ඇහුවා .
" ඩොක්ට සහස්න කියන්නෙ විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් ද බබා " එයා මගේ අත අල්ලගෙන ඇහුවා .
"ඔව් ඇයි "
"මන්දා බන් . මට නම් ඔය කාවත් ශුවර් නෑ .ඇර පක්ශ නායකයා අපේ එකෙක් ට ඌව බලන්න දෙන්නෙත් නෑ නේ " එයා කිව්වෙ දත් මිටි කාගෙන .
" මන් නම් හිතන්නෙ ඩොක්ට සහස්න වරදක් කරන කෙනෙක් නෙවෙයි "
"ඒ උනාට මට සැනසීමක් නෑ බන් . මට ශුවර් එකෙක් චෙක් කරනකන් . මට වෙලාවකට සැකයි මුන් මොනා හරි බෙහෙතක් වත් විදිනවද කියලා බාප්පා තාමත් ඔහොම ඉන්නෙ "
"එහෙම නෑ අනේ . ඔයාට පිස්සු "
"උඹට තේරෙන්නෙ නෑ බන් . ට්‍රීට්මන්ට් ගැන දැන ගන්න මන් විදින දුක "
එයා මූණත් හදා ගෙන කියන කොට මටත් දුක් හිතුනා . මේ මනුස්සයා මීට කලින් කවදාවත් මෙහෙම ඉන්නව මම දැකලා නෑ . ඒකෙන් ම පෙනවා එයා බාප්පට කොච්චර නම් ලැදිද කියලා .
"තමුසෙට මොකුත් කරන්න බැරිද ආයූ . අර තමුසෙලාගෙ ටිකට් එකේද මොකේදරිපෝට් එකේ ද කොහෙද ඔය හැම මගුලම ලියනවා නේද . උබට බැරිද මට ඒක හොයලා දෙන්න . මන් නිශානයට කියලා බලව ගන්නම් "
YOU ARE READING
ELORA
Non-Fictionමගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප්‍රශ්නේ තමයි මේ පාර king ලා දෙන්නෙක්ට එක qeen කෙනෙක් ඉන්න එක ."