08

2K 302 23
                                    

ඊයෙ මාව අතරමන් කරලා ගිහින් දැන් එනවා ගුට් මෝනින් ගාගෙන .  මන් නොදැක්ක ගානට පෝන් එක සාක්කුවෙ ඔබා ගත්තා ..

වෙලාවකට හිතෙනවා .. මොන මගුලටද මේ මිනිහ එක්ක මන් සම්බන්දයක් පටන් ගත්තෙ කියලා .. ඇත්තටම ඒක අහම්බයක් .. තමුසෙ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කිව්වා .. එතන ඉදන් අපි බෝයිෆ්‍රෙන්ඩ් ලා උනා ..

ඒත් ඇත්තටම ඒ සම්බන්දෙ මගෙ හිතටවත් ඇගට වත් දැනෙන්නෙ නෑ..

හ්ම්ම්..

මට තේරෙන්නෙ නෑ.. බොරුවට හිතලා මොලේ තවත් අව්ල් කරගෙන වැඩකුත් නෑ .. ඔහෙ ඕන මගුලක් .. සමහර විට කල් යනකොට ඉබේම මේ ගතිය ඇරිලා යාවි ..තාම පටන් ගත්ත ගමන් නිසා මට තාම පුරුදු නැති නිසා වෙන්න ඇති..

නර්ස් කෙනෙක් කියන්නෙ ඉතින් එක තැනකට වෙලා ඉදගන කල්පනා කර කර ඉන්න පුලුවන් එකෙක් නෙවේනෙ ..එහෙට දුවන්නයි මෙහෙට දුවන්නයි ..

ආපු වෙලේ ඉදන් ඕෆ් වෙන වෙලාව වෙනකන් ඉතින් කකුල් දෙකට නිවනක් නෑ ..

ඕෆ් වෙලා මන් හිමින් හිමින් එලියට ආවා .. උදේ ගුඩ් මෝනින් මැසේජ් එක විතරයි වෙන මොකුත් නෑ ..

මන් එලියට ගිහින් බැලුවේ මෑන් ඇවිල්ල ද කියලා .. උන්නෙ නැති නිසා මන් බස් හෝල්ට් එකට ඇවිදගෙන ගියේ Mmm කියලා මැසේජ් එකක් සෙන්ඩ් කරගෙනම . ඩිලිවර් උනාට බැලුවේ නැති තැන මන් ආයෙම එෆ් බී එක පැත්තට ගියා ..

හෙට දිග දවසක් වෙයි .. ආර්හ්... පොඩි උන් එක්ක දවසක් කියන්නෙ ඉතින් පිස්සු හැදෙනවනේ . අනික උන් අපිටත් වඩා පොඩි උනාට අයියලා වෙන්න හදනවනේ .. අපේ කාලෙ අපි නම් ඔහොම නෑ ..

කටමට්ටම් පුරවලා ආපු හලවත මීගමුව බට්ටා අස්සට බොහොම අමාරුවෙන් මගෙ කෙසග සිරුර ඔබා ගත්තා .. ඇතුල නිකන් සාඩින් ටින් එකක් වගේ .. චප්ප චුරුප්පන් වෙන්නම පැකට් ... ඒ වගේමයි සුවද ... ඈක් වමනෙට එනවා .. දාඩිය ගදවල් වලට ..

මම නැම් හැම දාම හොස්පිල් එකෙන් එලියට එන්න කලින් මූන කට පොඩ්ඩක් හොදට හෝදගෙන සෙන්ට් බෝතලෙන් පොඩ්ඩක් ඇගේ හලා ගෙන එන්නෙ ..

මොකද මට හැම තිස්සෙම හිතෙනවා දැන් මට අප්පිරියා හිතෙනවා වගේ ..අනිත් මිනිස්සුන්ටත් එහෙම හිතෙනවා ඇතිනේ කියලා ..

ELORADonde viven las historias. Descúbrelo ahora