මහන්සි දැන් නම් හොදටම .. වෙඩි නෙවෙයි බෙල්ල ගැලවිලා අතට ආවාත් සෙට්ල් කරන්න ඕනේ වැඩ ටික ඉවරයි කරන්න එපයි .. ඉතින් ඒ ටික ඉවර වෙලා හොස්පිට්ල් එකෙනුත් ඩිස්චාජ් වෙලා ගෙදර ඇවිල්ලා දැනිතින් විවේකි සුවයෙන් ඉන්න තියෙන්නෙ ..
ආයුත් ස්කෝලෙ ගිහින් නිසා කාමරේට වෙලා ඉදපු මම කන්න මොනා හරි හදා ගන්න කියලා හිතාගෙන කිචන් එකට ආවා ..වෙනදට නම් නිශානයා මේ වෙනකොට කෑ ම ගෙනල්ලා .. අද ඌත් එන්න පරක්කු වෙනවයි කිව්වේ ..
ෆ්රිජ් එකේ බාගෙට කාපු පීසා පෙට්ටියි අරවයි මේවයි නැති දෙයක් නෑ .. මුන් දෙන්නා කඩෙන්මයි කාලා තියෙන්නෙ පහුගිය ටිකේ ..
අයින් කරන්න ඕනේ එවා ටික අයින් කරලා දාලා මම උයන්න ගත්තේ තව පැයක් විතර යනකොට ආයුයි එයාගෙ ප්රියතම ශිෂ්යයයි ගෙදර එන නිසා ..
එලවලු කියලා දෙයක් නෑ ගේ හරියට වත් .. ඒකට කඩචෝරු නම් වැහි වැහලා .. කොහෙද ගෙදර හිටපු උන් දෙන්නම තකට තක නේ ..
පරිප්පු තමයි ඉතින් ජාතික ආහාරේ වගේ හදන්න වෙන්නෙ ..
තව තිබ්බ් චිකන් එකත් බැදලා කලුපාට වෙන්න හදලා ඉවර වෙනකොටම වගේ නිශානයා ආවා ..
මන් ඌට කලින්ම කිව්වා කෑම ගේන්න ඕනේ නෑ පුලුවන් නම් එනකොට එලවලු ටිකක් අරන් වරෙන් කියලා ..ඌ ඒවත් අරගෙන මයි ඇවිල්ලා තිබුනේ ..
"උඹ කනව නම් කාපන් " මම පපඩනුත් බැදලා ඉවර වෙලා අරු ගෙනාපු එලවලු ටික හෝදලා සුද්ද කරලා තෙත නැති වෙන්න පැත්තක අතුරන ගමන් කිව්වත් ඌ ඔලුව වැනුවේ එපා කියලා ..
වැඩ ටික ඉවර කරලා අරූ ගෙනාව සබ්මැරීන් එකකුත් කාපු මම ආයෙම මගෙ ඇද බදා ගත්තේ නිදිමතක් දැනුන හින්දා .. ආයූලා එනකන් කොහොමත් කරන්න දේකුත් නෑනේ .
මම නැගිටිනකොට නිශානයා කාමරේ තිබුන මේසෙට වෙලා මොකද්ද වැඩක් ..
එක ඇලේකට හැරිලා නිදාගෙන උන්න මම උඩුබැලි අතට හැරුනා ..
නිකම් මත මත වගේ .. ආයිශ් ඔලුවත් කැක්කුමයි ..දැන දැනම නිදා ගත්තනේ මාත් ..
"අයියේ ඔයා නැගිට්ටද "
දොර දිහාවෙන් ඇහුන සද්දෙට මම බෙල්ල උස්සලා බලනකොට අරුත් කර කර හිටපු වැඩේ පැත්තකට දාලා ඒ දිහා බැලුවා ..

ESTÁS LEYENDO
ELORA
No Ficciónමගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප්රශ්නේ තමයි මේ පාර king ලා දෙන්නෙක්ට එක qeen කෙනෙක් ඉන්න එක ."