34

1K 163 84
                                    

මාස හතරක් ..

ගෙවිලා ගියේ හිතා ගන්න බැරි විදිහට . නිකන් පැයෙන් පැයට සදුදා උනාද මන්දා .

අද කාලෙකට පස්සෙ මම නැන්දලාගෙ ගෙදර ආව දවසක් .

කාමරේ ජනේලෙ ලග හිටගෙන  ජනෙල් කූරු දෙකක් අල්ලගෙන මම එලිය බලාගෙන හිටියා . තාම ඉස්කෝලෙ ඇරිලා ආවා විතරයි සවිද්‍ර මාව බස්සලා යන්න ගියා නේ .

"දරුවො .. " එක පාර නැන්දා කාමරේට එනකොට කලබල වෙච්ච පාරට අල්ලන් හිටපු එක අත ඇරෙනවාඅ.

"දෙයියනෙ බලාගෙන පුතේ " වැටෙන්න ගිය මගෙ ඇගෙ වැදිලා එහා තල්ලු උන වීල් චෙයා එක නැන්දා මගෙ දිහාවට තල්ලු කලේ මම බාගෙට ජනේලේ එල්ලිලා ඉන්නකොට .

"වැටුනා නම් එහෙම " නැන්දා මගෙ උරහිසට එකක් ගැහුවෙ රවාගෙන . මම පොඩි හිනාවක් දැම්මා .

"පුතා චුට්ටක් ඉන්නවද මන් ටක් ගාලා කඩේට ගිහින් එන්නම් " 

"හරි නැන්දා මම ඉන්නම් "

නැන්දත් එක්කම එලියට ආව මම නැන්දා යන දිහා බලාගෙන හිටියා .

වේලිලා වැටෙන කොල . හුලගට හෙලවෙන ගස් .

අහස වහා ගත්ත වැහි වලා කුලු .

කුරුල්ලන්නෙ කාක්කන්ගෙ හඩ .

ඒ අස්සෙන් මට ඇහෙනවා . කොල්ලො දෙන්නෙක් කියවන සද්දේ ..

දෙනෙත් ඔමරු වගේම අයෝන් පේන මානෙකට එනකොට මම කොල්ලො තුන් දෙනා දිහා බලන් හිටියා .

කොහො ගිහින් එනවද මෙච්චර වෙලා ගිහිල්ලා .

මගෙ කල්පනාවෙන් මම මිදුනේ එක පාරටම කොල්ලො තුන් දෙනාවත් පහු කරගෙන ඇවිත් අපේ වත්තට දාපු සුදු පාට වෑන් එක දැකලා  .

වාහනෙන් බැහැලා තනිකර කලු ඇද ගත්ත කොල්ලො දෙන්නෙක් මගෙ පැත්තට එනකොට නම් මම කලබල උනා .

"ඔයාලා කව්ද .. "

මන් ඇහුවත් මට උත්තර දෙන්න තරන් උනන්දුවක් නොතිබුන උන් දෙන්නගෙන් එකෙක් මගෙ පැත්තට සාක්කුවෙන් සුදු පාට ලේන්සුවකුත් අරගෙන ඇවිත් නහයට තද කරනකොට මම බේරෙන්න දැගලුවා ..

"ඕයි ..ඇතෑරපන් සර් ව " දෙනෙත් ගෙ කට හඩ ඇතීන් වගෙ ඇහෙනකොට අන්තිමට මට දැනුනේ ඔක්කොම කලුවට වෙලා යනවා වගේ .

ELORA Where stories live. Discover now