චූටි සර් pov
2024.04.15. මන් අද පොල් ගස් අස්සෙ තල් ගස් හෙව්වා .
අදින් අවුරුදු දහාටකටකට කලින් මට අවුරු දහයයි. හය හතර නොතේරෙන වයසක් උනත් මන් එදා සතුටු උනා . මුලු ලංකාවක්ම සතුටු උන දවසෙ මාත් සතුටු වුණා ." ප්රභාකරන්ව මැරුවා " ඒ ආරංචියත් එක්ක මාත් සතුටු උනා .යුද්දෙ කියන්නෙ මොකද්ද කියල වත් හරි හැටි නොදැන උන්න මම ITN එකේ නිව්ස් ඉවර වෙලා බරට කතා කරන ඇගකිලිපොලා යන කටහඩක් එක්ක මතක ඇති කාලෙක ඉදන් හැම රෑකම පෙන්නපු සිවුරක් ඇදගත්ත හාමුදුරු නමක් ඉස්සරහින් යන පෙලපාලියක රබානක් ගහනවත් එක්කම බෝම්බයක් පුපුරලා යනවා එච්චරයි යුද්ධෙ කොටි බෝම්බ කියන්න මගේ චූටි මනස අස්සෙ තිබුනේ එච්චරයි , දැකලා තිබුනෙත් එච්චරයි . යුද්දෙ උතුරෙ යුද්දෙ , කොටි ගහලා , බෝම්බ ගහලා කනට ඇහිලා තිබුනට හිතන්න කල්පනා කරන්න තරම් ගානක් උනේ නෑ උවමනාවක් තිබ්බෙත් නෑ .දුක් වුනෙත් නෑ මට දුක් වෙන්න හේතුවක් තිබ්බෙත් නෑ . මොකද යුද්දෙ තිබුනේ උතුරෙ, යුද්දෙ තිබුනේ යාපනේ, යුද්දේ තිබුනේ කැලේ , හලාවතින් මෙහා මිනිස්සුන්ට යුද්දෙ කියන දේ දැනුනේ නැති කොට අවුරුදු හයේ මට මොනා දැනෙන්නද .නොදැනූනාමයි කියන්නත් බෑ දැනුන මිනිස්සුත් උන්නා තමන්ගේ කියලා අවුරුදු ගානක් සීරිමක් වෙන්න නොදී හදපු පුතාව දුවව යුද්දෙ ට යවපු අම්මා තාත්තට කසාද බැදලත් මාස තුන හතරකට සැරයක් සැමියව දකින්න ලැබුන බිරිදකට නැත්තන් ක්ලීනික් දවසට අප්පච්චි තාත්තා කෝ කියලා අහපු ගැබ්බරීට . එච්චරයි එතනින් එහාට අහවල් ගමට කොටි ගහලා කියලා නිව්ස් යනකොට හීල්ලුවා මිසක්කා එතනින් එහාට ඒක අමතක කරලා මිනිස්සු ජීවත් උනා. එක අතකට ඒ මිනිස්සු ඒ ගැන හූල්ල හූල්ල ජීවත් වෙන්න ඕනෙද ? උන්ගේ දුක වේදනාව අපේ කර නොගත්තට , හැබැයි හැමදෙයක් ම ඉවර කරාට පස්සෙ , උන් මැරිලා මැරිලා ලේ හෙලලා අන්තිම හුස්ම ඇපේට තියලා දින්නට පස්සෙ උන්ගේ සතුට අපේ කරන් උන්ගේ ජයග්රහණය අපේ කරන් රටක් විදියට සතුටු උනා . අපි යුද්දේ දින්නා . මිනිස්සු හරි ආත්මාර්ත්කාමී සතියක් දෙයියෝ බුදුන් උන හමුදා සෙබලා ආයෙම අටපාස් ආමීකාරයා උනා . සතියයි ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නෙ සතියයි .

YOU ARE READING
ELORA
Non-Fictionමගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප්රශ්නේ තමයි මේ පාර king ලා දෙන්නෙක්ට එක qeen කෙනෙක් ඉන්න එක ."