"මම එයාගෙ ගෝලයෙක් විතරක් නෙවේ කියලා "
"හහ් !! "
" ම්ම් .. මම මගෙ ගැන ඇත්තම කිව්වා .. දැන් තෙරුනාද "
මන් ඌ දිහා කට ඇරගෙන බලන් ඉන්නකොට ඌ කිව්වා ..
" හ්ම් !! කොහොමත් දැන්ම කිව්ව එක හොදයි .. තව පහු වෙන එකෙන් වෙන්නෙ කලින්ටත් වඩා උගේ හිත බිදෙන එක "
මොනා උනත් ආලෙම් අරගෙන තියෙන තීරණය හොද එකක් .. මගෙන් වෙච්ච වැරැද්ද තව එකෙක් ගෙන් උනොත් මේ කොල්ලා විනාස වෙලා යයි ..
.
.
.
.
.පහුවෙනිදා වැඩට ගිහින් ආපු මම වොශ් එකක් දාගෙන ආවේ රෑ කෑම හදන්න ..
ආලෙම් ආයූ එක්කලා කාටුන් මූවි එකක් බලනවා .. ආලෙම් ආවයි කියලා නෑ උගෙ අත බැරි හින්දා මම තමා තාමත් ආයුගෙ වැඩ කරන්නෙ ..
මන් දැන් බලාගෙන මම ගෙදර ආපූ වෙලාවේ ඉදලා ආයු මොනා හරි හොයනවා .. මන් එලියට ගිහින් ආවත් කාමරේට ගිහින් ආවත් ඒ ඇස් මගෙ පස්සෙ පන්න පන්න මොනා හරි හොයනවා ..
"ආයූ මොනාද ඕනේ " හිමින් හිමින් කිචන් එකට ඇවිල්ලා මා දිහා ඇස් කොනෙන් බලලා වතුර එකක් පුරවගත්ත ආයුගෙන් මම ඇහුවා ..
"මේ.. ගෙනාපු ඒවා කෝ " හොර බැල්මක් දාලා ඇහුවත් ඒ අහපු දේ මට තේරුනේ නෑ ..
"ඔයා එනකොට මොකුත් ගෙනාවෙ නැද්ද " එහෙම අහනකොටයි මට වැඩේ මීටර් උනේ .. පහු ගිය ටිකේම මන්ඩෙලා බුක් එකෙන් පටන් අරගෙන ගෙදර එනකොට හැමදාම මම ආයුට මොනා හරි චූටි දෙයක් එනත් දුන්නා . කියවන්න පොතක් කන්න කඩචෝරු .. ඔය වගේ .. දැන් මේ ඒක තමයි හොර ගල් අහුලලාතියෙන්නෙ එහෙනම් ..
ඇත්තටම මට හෙන පුදුමයි ඒක ආයූ ඇහුවායි කියන එකටත් .. සාමාන්‍යයෙන් එයා එහෙම අහන කෙනෙක් නෙවෙයිනේ .. එයා එහෙම අහනවා කියන එකත් , අපෙන් දෙයක් බලාපොරොත්තු වෙන එකත් හරියටම බැලුවොත් අපිට සතුටු වෙන්න කාරනාවක් .
"අහ් ඉන්න අමතක උනානේ .. " මම ආයුව කිචන් එකේ තියලා මගේ කාමරේ ට ගිහින් මේසෙ උඩ තිබ්බ බෑග් එක අරගෙන ආවා ..
" ම්ම් " මම ඒක කොල්ලගෙ අතට දුන්නම ඒක අස්සට ඔලුව දාලා බලපු ආයූ ආයෙම මගෙ දිහා බැලුවා ..

YOU ARE READING
ELORA
Non-Fictionමගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප්‍රශ්නේ තමයි මේ පාර king ලා දෙන්නෙක්ට එක qeen කෙනෙක් ඉන්න එක ."