දවස් හතක් මම නිකන් හිටියේ අපායක වගේ .. ඇබ්බැහි වෙලා හිටපු නින්ද තියා පැය හතරක තරම් වත් නින්දක් නැතුව මට සික් එක හැදිලා වගේ ..
කොච්චරද කියනවා නම් මම නාන්න ගිහින් ශවර් එකෙන් වැටෙන වතුර යට හිටගෙන ඉන්නකොටත් මට නින්ද ගියා ..
සතියක ඇකඩමික් වලින් ලැබෙන නිදහස ගැන හිතලා මම දවස් හතක් නොමැරි මැරුනා ..
හෙට තමයි මොඩියුල් එන්ඩින් එකේ දෙවෙනි exam එක .. මේක ඉවර ඉවර උනාම ආයෙ ඊලග මොඩියුල් එක එන්ඩ් උනාම තමයි එක්සෑම් එකක් සෙට් වෙන්නෙ ..ඒකත් මේ පාර වගේ කොටස් දෙකකට කැඩුවොත් තමා අපායක් වෙන්නෙ ...
මන් පොතත් අරගෙන මේසෙන් ඉදගත්තේ පාඩම් කරන්න .. කමක් නෑ ආයු අද විතරයි..
"නිදා ගන්න එපා ..ආයූ නිදා ගන්න එපා ..අද විතරයි..." මගේම කම්මුලකට තට්ටුවක් දාගත්ත මම මේසෙට බර වෙන්න හදන ඔලුව කෙලින් කර ගත්තා .
මේ වගේ වෙලාවට තමයි හිතෙන්නෙ ඩිග්‍රිය බල්ලට දාලා ඇදට පැනලා නිදා ගන්න ..
"පුතේ....!!" අම්ම සාලෙ ඉදන් කෑ ගහනවා ..
"ම්ම්ම්ම්"
"බොන්න මොනා හරි හදලා දෙන්නද "
"එපා මන් දැන් නිදා ගන්නවා .. " ඔක්කොම දමලා ගහලා නිදා ගන්නවා කියලා තීරනේ කරපු මම කිව්වා ..
"ඔයා හදනවද " ආයෙත් තියෙන පෙරේත කමට මන් ඇහුවා ..
"ඔව් "
"එහෙනම් මටත් දෙන්න .. "
අන්තිමට අම්මා හදලා කාමරේටම ගෙනත් දුන්න කෝපි කෝප්පෙ ඉවර වෙනකන්ම මම පාඩම් කරා .. මට සාමාන්‍යයෙන් පොත් මේසේ ඉදගෙන කෝපි එකක් පැය බාගයක් පැයක් වගේ බොන්න පුලුවන් හැකියාවක් තියෙන නිසා අව්ලක් නෑ ..
අන්තිමට මම එකොලහට විතර ආයෙම පාන්දර දෙකට එලාම් එක තියලා ඇදට නැග්ගේ මහන්සියටම පපුවෙ පැත්තකුත් රිදෙන්න ගන්නකොට ..
.
.
."ඉවර උනාම කෝල් කරනවා .. මන් එන්නම් "
මාව ඩ්‍රොප් කරන්න ආව සවිද්‍ර කියලා යන්න ගියා ..පොඩි හරි හොදකට කියලා තිබුනේ මේ දවස් ටිකේම මේ මනුස්සයා මට ට්‍රාන්ස්පෝට් දීපු එක .. බස් එකේ යන්න එන්න තිබුනා නම් තමයි ආතල් එක තියෙන්නෙ ..
YOU ARE READING
ELORA
Non-Fictionමගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප්‍රශ්නේ තමයි මේ පාර king ලා දෙන්නෙක්ට එක qeen කෙනෙක් ඉන්න එක ."