36

956 152 69
                                    

"ආයූ ... !! " ඔමරුගෙ කටහඩ ඇහෙනකොට මන් අමාරුවෙන් ඇස් ඇරියත් මට හෙල්ලෙන්න තියා පෙරලෙන්න වත් බෑ ..

මගෙ ඇගෙ අප්‍රාණිකව වැටිලා හිටපු සවිද්‍රට මම යට වෙලා ..

"ස්..සවිද් ..ද්‍ර .. "

මම පුලුවන් හැටියට එක අතක් උරහිසට තියලා හේල්ලුවත් එයාගෙ කිසිම ප්‍රතිචාරයක් නෑ ..

"සවිද්‍ර " ඔමරු මගෙ ඇගෙන් සවිද්‍ර්‍ර ව අහකට කරාම මම කතා කරා ..

"සවිද්‍ර කතා කරපන් මිනිහෝ... "

"ම්ම්හ්.. " කෙදිරියක් විතරයි .. එච්චරයි..ඊට පස්සෙ ඒ අත මන් අල්ලගත්තත් කිසිම පණක් දැනුනේ නෑ අඩුම තරමේ මට පල්ස් වත් දැනෙන්නෙ නෑනේ . ..ඒත් ඌ හිනාවෙනවා .. ඇස් පියාගෙන පුංචි සැහැල්ලු හිනාවක් ඒ මුවේ කොනක රැදිලා තියනවා ..

"උඹ!! උඹ!! ඔය හිනාව නවත්ත ගනින් .. උඹ ට මොනාද ඕනේ ආ.. උඹ හිතනවද උඹ මගෙ ණය ගෙව්වා කියලා සවිද්‍ර ... නැගිටපන් මිනිහෝ .. උඹ කොහොමද මට මෙහෙම කරේ .. "

"නැගිටිනවා . මව බය නොකර .. " මන් අසූ හාරදාහට ගැහෙන ගමන් කිව්වත් සවිද්‍රගෙන් ආයෙමත් කිසිම ප්‍රතිචාරයක් නැතුව ගියා .

"මාගි ඌව හොස්ස්පිල් අරන් යන්න ඕනේ .. "

"ඔව් නේ මට අමතක උනානේ හොස්පිට්ල් ..හොස්පිට්ල් අරන් යමු එතකොට් හරි .. බේත් දැම්මම හරි.. ටිකක් නිදා ගන්න ඇරියම හරි . එයාට මහන්සි ඇති දැන් ..ඔමරු දරුවෝ අපි අයියව හොස්පිට්ල් ගෙනියමු .. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න .. "

මම දන්නෙ නෑ මම අඩනවා . අඩනවට වඩා පිස්සුවෙන් වගේ වැලපෙනවා .

තප්පර විනාඩි වල කෑලිත් නැතිව ගියා .. අපි හිටියේ ප්‍රයිවට් හොස්පිට්ල් එකක . ඒකත් තියටර් එක ඉස්සරහා .. සුන්නත් දූලි උණ තප්පර විනාඩි එක්ක අඩන වැලපෙන ආයු ආයෙමත් හැංගිලා ගියා වගේම හිතත් එක්ක තනියම ගනුදෙනු කරන ආයූ එලියට ආවා .

මගෙ ඔලුවෙ වැඩ කරේම එයාගෙ පල්ස් මට අහු උනේ නෑ කියන එක

මට මතක් උනේම ඒ අත පණ නැතුව ඔහේ පහලට වැටුන විදිහ .

මන් කොහොමද ඒ හිනාව අමතක කරන්නෙ . ඌ මට හිනා වුණා ..

හරියට එදා උබට මාව අහිමි වුණා කියලා හිතලා, මාව උඹ අහිමි කර ගත්තා කියන හැගීම ඒ ඇස්වල ඇදිලා තිබුන හැටි බලාගෙන , මම හිනා වුණේ කොහොමද

ELORA Where stories live. Discover now