Chapter 03

6K 841 91
                                    

'Faculty of Visual Arts Student's Restroom Area'

මන් බුම්මැට්ටෙක් වගේ පැය ගානක් එක එල්ලේ බලන් හිටියේ අපේ වොෂ් රූම් එකේ බෝඩ් එක දිහා. හිත හරියට රිදිලා තියෙන්නේ මගේ. තමන්ගේ හොදම යාළුවා පාවා දුන්නම දැනෙන හැගීමක් තියෙනවා නේද. අන්න එක තමා මට දැන් දැනිලා තියෙන්නේ. කඩප්පුලි හිකනලා මාව කෑවා. මේ යන විදිහට එලබෙන සතිය තීරණාත්මක වෙයි.

මේ වෙනකොට අපි හිටියේ වොෂ් රූම් එක ඉස්සරහ ගහල තියෙන සමර් හට් එකේ. අපේ වොෂ් රූම් එරියා එකට සමාන්තරව එහා පැත්‍තේ තිබ්බේ ඉන්ජොන්ගේ ඒරියා එක. මොකද අපේ ෆැකල්ටියට අල්ලපු වැටේ තමා උන් හිටියේ. කොළපාට දම්වැල් තාප්පෙකින් දෙකට බෙදිලා තිබ්බේ. මටනම් පෙන්නන්න බෑ ඕකුන්ව. ඔලුව අතේ තියන්නේ ඇවිදින්නේ.

"උබ ඕක ගැන ඔච්චර හිතන්නේ ඇයි. ගිහින් පාඩුවේ ඩ්‍රෝවින් එක ඇදලා පේන්ටින් එක කරලා එන්නනේ තියෙන්නේ. අනික මාත් ඉන්නවනේ. සිම්පල්"

"සිම්පැල් චැමා. මන් අර ගොබිලයා ඉන්න තැනකට යන්නෑ කියලා දැන්ගෙනත් ඇයි තෝ මාව මේකට හිලව් කරගත්තේ? "

"උබ දැන් ගවේෂ් අයියව ඔඩෙක්කේ තියන් නලවන්න නෙවේනේ යන්නේ. අනික උබම තමා හරි හරී ගෑවේ බයික් එකෙ ඉදන් එද්දිම"

"හරි හරී?? හරි හරි තමා. තෝ ඔය ලදරමේ ඉදලා කියවන ඒවා මට ඇහෙනවා කියලාද හිතන්නේ. මී හරකෙක් වගේ වැදගත් දේවල් බයික් වල යද්දි අහනවද? දැන් උබ මට කියන්නේ උදේ කනට ගහපු එක අමතක කරලා උගේ කකුල් ලෙවකන්න කියලද?"

"අනේ පෘථිවි මන් තොට කිව්වේ නෑනේ කකුල් ලෙවකන්න. අනික උබට වෙන ෆැකල්ටි වල වැඩ වලට නිදි මරාගෙන නහින්න පුළුවන් මේකට තමා බැරි. මේ වෙලාවේ මේක බාරගන්නවත් කවුරුත් නෑ බං. අනික මන් නම් ලිස්ට් එක දීලත් ඉවරයි. අනික් උන් එක්ක උනත් ෂේපට ඉන්න ඕන අපි"

"මේ පව්වා.. උබ බබා වගේ කතා කරන්න එපා. උබ දන්නවා මන් ඉන්ජොන්ගේ වැඩ වලට හොට දාන්න කැමති නැති හේතුව. ඒම තියෙද්දි එකම දේ ආය ආය කියන්න තියන්නෙපා"

මට හරි තරහයි මූ එක්කම. මේ පගයා කරොත් කරන්නේ මේ වගේ වැඩක් තමා. අද උදේ මට බැරි උනානේ අර ගවේසයට පාරක් ගහන්න. තිවාන් අයියා නිසා ඉවසනවා. නැත්තං මෙලහකටත් අරූ ඉස්පිත්තාලේ.මෙච්චර හරියක් වෙලත් දැන් පලයංකෝ මාත් රෙද්ද උස්සන් උන්ටම කබුරන්න. මොන සක්කිලි වැඩක්ද පුතුවියෝ. මේකනම් උබේ තත්ත්වෙට හොදම නෑ.

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now