ජීවිතේ හරිම අනපේක්ෂිතයි.. හිතාගන්න බැරි දේවල් නොසෑහෙන්න වෙනවා... මටත් උනා.. මගේ බෝනස් එකට හෙනහුරා වැදුනා.. ආයේ ආසාවට තවිරු අයියගෙන් සල්ලි කඩාගන්නවා බොරු.. එදා මාට්ටු උනාට පස්සේ එහෙ ගියෙත් නෑ.. කෙලින්ම රිංගුවා බෝඩිමට.. ගෙදර ආවේ නෑ කියලා දැනගෙන තවිරු අයියා මල පැනලා කෝල් කරා.. ආයේ දැක්ක තැන වෙඩි තියනවා කිව්වා.. පේන්නවත් එන්න එපා කිව්වා.. යන්නෑ.. රෙද්දක් ඇදන් යන්න බෑනේ..
අහවල් ෆොටෝ එකක් නිසා සුදු මහත්තයව නැති වෙච්ච දුක මට සාංකාවටම ආවා.. ඒ නිසා මන් ගවේසාන්ගේ කොණ්ඩ ගස් ගලවලා පලිය ගත්තා.. දකින දකින හැම වෙලාවකම රැව්වා.. රවලා මදි.. මාව කෑවා.. ඒ අස්සේ මේ මිනිහා 'එපා පෘථිවි ඔහොම තරහ ගන්න ඔයා ඔහොම ඉද්දි මට බයයි' ගගා මාව ජෝක් එක්කටත් ගත්තා.. මන් එතකොට මැදගිල්ලා පෙන්නලා මගේ ක්‍රෝධය පිටකරනවා..
ඒ උනාට තවිරු අයියා එක්ක කියවගෙන ඇවිල්ලා ඩයල් එක මාර ගැම්මෙන් හිටියේ.. හරියට යුද්දයක් දින්නා වගේ..බෝඩිමට ආවට පස්සේ මට අර ෆොටෝ එක ඉරලා විසිකරන්න හිතුනේ නෑ.. වෙන මොකුත් නිසා නෙවේ, මොකද ඉතින්- අනේ මන්දා...
සතුරාගේ නිර්ලජ්ජිත ප්‍රහාරයක් උනත් තමා සන්තකේ තියාගන්න ඕන කියලා මන් අහල තියෙනවා.. එතකොට මතක් කරලා පලිගන්න පුළුවන්නේ.. දුස්ට ගාමීණීගේ නැවත උප්පත්තිය මම වෙන්නත් පුළුවන්.. ඒ නිසා මන් ඒක අරන් ටැබ් එකේ බැක් කවර් එක අස්සට දැම්මා.. ඕක කවුරුත් ඇරලා බලන්නේ නෑනේ...කොහොමහරි ක්ලබ් එකේ වැඩ නිසා සෙට් එකම එකදිගට සති ගානක් කැම්පස් ආවා.. පවිරු නිසානම් මම බුදු කට්ටක් කෑවේ.. 'පෘථිවි අරක කරපාන්, පෘථිවි මේක කරපාන්, පෘථිවි අරක ගෙනෙන්, පෘථිවි මේක ගෙනෙන්' ඔච්චරයි.. උගේ සෙකට්‍රි පට්ටම නිසා මමයි මඩයයි තමා දහ දුක් වින්දේ..
හැබැයි මෙහෙමයි.. ඇත්තම කිව්වොත් වැඩි පුරම කරේ මම මුල්ලක් අල්ලන් නිදා ගත්ත එක.. එහෙම නැත්තං ෆෝන් එකෙන් නයි ගේම් ගහපු එක.. වැඩක් කරා හෝ නැතා හෝ සහබාගිත්වයනේ වැදගත්..වටලප්පමාගෙනුත් පුදුම වදයක් තිබ්බේ.. මන් ඌ එක්ක තරහා වෙලානේ හිටියේ මගේ සායම හේදුවට.. මුගේ තියෙන කපටි කමට අම්මට කියලා රසම රස එළු සුප් එකක් හදන් ආවා.. ඒක දීලා මාව ආයේ දැලේ දාගත්තා.. පට්ටම රහයි හැබැයි.. ඌ හැමවෙලේම ෆෝකස් කරේ කෑම කන එක ගැන විතරනේ.. ' පෘථිවි කන්ඩ එන්නකෝ, පෘථිවි බොන්ඩ මොනවහරි ගමුද, පෘථිවි එන්නඩකෝ කැන්ටින් යන්න' එච්චරයි.. හැබැයි ඌ හින්දා අනම් මනන් සෑහෙන්න කැවුනා.. පොකට් එකටත් බඩේ පාර වැදිලා ඇත්ත බඩත් චුට්ටක් ඇවිල්ලා තිබ්බා. ආයේ වෙලාවක යන්නෝන ෆාතිමා ඇන්ටිව බලලා එන්න..
YOU ARE READING
SITHTHARA | COMPLETED
Romanceආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!