අද මිහිකත සර් රටින් යන දවස.. මන් දන්නෑ එයා යන්නේ කොහෙද කියලවත්.. ඒක මට අහන්න උවමනාවක් තිබ්බෙත් නෑ එයා මට කිව්වෙත් නෑ.. මම කබඩ් එක ඇරලා අතට අහුවෙන ෂර්ට් එකක් දාගෙන ලෑස්ති වෙලා ෆෝන් එක අරන් බැලුවා.. ගවේෂ් අයියා කැබ් එකක් දාගෙන මගින් එන ගමන්.. බෝධිය ලගට එන්න කියලා මැසේජ් එකක් තිබ්බ නිසා මම දොර ජනෙල් වහලා බෝඩිමෙන් එලියට ආවා.. අද සෙනසුරාදා දවසක්.. ස්කූල් නැති නිසා ලේන් එක පුරාම පොඩි එවුන් පිරිලා.. පුදුම සද්දයක් තියෙන්නේ.. කොල්ලෝ ටිකක් සෙට් වෙලා මුළු පාරම අල්ලගෙන බෝල් ගහනවා.. උන් මැද්දෙන් යන්න ගිහින් මගේ මූණට වදින්න ආව බෝලයක් තනි අතින් කැච් කරලා උන්ටම පාස් කරලා යනවා එක්කම කැබ් එක ඇවිත් කකුල් දෙක ඉස්සරහම නැවැත්තුවා.."ගුඩ් මෝනින් බබා"
"මෝනින්"
මම පොඩි හිනාවක් දාලා සීට් එකේ ඔලුව ගහගත්තා.. ඔලුව පැලෙන්න තරම් හිසරදේ.. පිටට ඇග රස්නිය නැති උනාට ඇග ඇතුලෙන් උණ වගේ දැනෙනවා.. පෙන්ඩෝල් එකක්වත් ගන්න සිහියක් තිබ්බේ නෑ.. අපි දැන් යන්නේ කෙලින්ම කටුනායක.. මොකද අන්තිම පාරට මිහිකත සර් කතා කරපු නිසා නොයා ඉන්න මට හේතුවක් තිබ්බේ නෑ.. ඊටත් වඩා මම සර්ගෙන් අහන්න බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා..
"මොකෝ"
ගවේෂ් අයියා මගේ නළලට අත තියලා උණද බැලුවා.. මට ඇගෙ අමාරුවත් එක්ක කතා කරන්නවත් පණ නෑ..
"මුකුත් නෑ"
"හෙම්බිරිස්සාවද බබා"
"ම්ම්.. රෑ වෙලා නෑවා"
"මන් කියලා තියෙනවා-"
"ඔලුව රිදෙනවා කෑ ගහන්න එපා"
මට දැන් කතා කරන එකත් මහ වදයක් වගේ.. ගවේෂ් අයියා මුකුත් නොකියා මගේ අතින් අල්ලලා එයාගේ අත අස්සේ පටල ගත්තා.. යන්නම ඕනි හේතුවකට යනවා උනත් මට මේ ගමන ගැන තියෙන්නේ පුදුමාකාර අපහසුවක්.. මට මාවම නිකන් මරන්න අරන් යන හරකෙක් වගේ දැනෙන්නේ.. මම එහෙම්ම ග්ලාස් එකෙන් එලිය බලාගත්තා.. අපිව පාස් කරගෙන වාහන එක දිගට යනවා.. අපිත් ඒ සමාන වේගෙන් ඉස්සරහට ඇදිලා යනවා.. උදේ උනත් තාමත් අහසේ හද තියෙනවා.. ඒක නිකන් අපි යන යන තැන පස්සෙන් පන්නනවා වගේ..
YOU ARE READING
SITHTHARA | COMPLETED
Romanceආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!