රූෆ් ටොප් එකේ ඉදලා බැලුවහම මුළු කොළබින් බාගයක්ම මෙතෙනට පේනවා.. කොහොමත් කොළඹ ලස්සන රෑටනේ.. තට්ටු පහලවක් උඩ ඉන්න නිසා ලස්සන වීව් එකක් බලාගන්න පුළුවන්.. පුදුම නිදහසක් මෙතන තියෙන්නේ.. නළලට වැටිලා තියෙන කොණ්ඩේ කැරලි ඉස්සෙන තරමට හුළං සැරයි.. ටිකක් වහින්නත් වගේ.. හෝල් එකෙන් එලියට ආව වෙලේ ඉදලා හිතට මොකක්දෝ අමුතු හැගීමක් දැනෙනවා..
"මොනවද කල්පනා කරන්නේ"
"ලොකු දෙයක් නෙවේ.. මාව එක්කන් ආවට ඇත්තටම ගොඩක් තෑන්ක්ස්.. ඒත් මේක හීනයක් වගේ"
ගවේෂ් අයියා හිනා වෙලා මන් වගේම බැම්මට අත්දෙක තියලා හේත්තු උනා.. එයාගෙත් කොණ්ඩ කැරලි හුළං සැරට එහෙ මෙහෙ යනවා.. හරිම අවංක හිනාවක් මූණේ තියෙන්නේ.. මන් ආසම විදිහට මුළු රූෆ් ටොප් එකම රෝසමල් සුවදයි..
"කියන්නේ නැතුව එක්කන් ආවේ ඔයාව සප්‍රයිස් කරන්න.. මන් නිසා ඔයාගේ ඉන්විටේෂන් එක රුයින් උනානේ"
මට හිනා ගියා.. වැරැද්ද එයාගේ නොවුනත් ඒක එයාගේ පිට දාගන්න එක පුරුද්දක්ද කොහෙදෝ.. මන් මුකුත් නොකියම ඈතින් පේන බිල්ඩින් එකක් දිහා බලන් හිටියා..
"ඕනවට වඩා ඔයාගේ ජීවිතේට ඇගිලි ගහනවට සමාවෙන්න පෘථිවි.. මට ඒක නොකර ඉන්න අමාරුයි.. මොකද මන් ඔයාට හරි ආදරෙයි"
එයා ඈත අහස දිහා බලන් වෙනදා වගේම ආදරෙයි කියනකොට කලින්ට වෙනස් ලස්සන හැගීමක් මට ආවා.. නිකන් ඇදලා අරං පපුවේ අස්සේ හංගගන්න ඕන වගේ හැගීමක්.. මට මෙහෙම කෙනෙක් ගැන හිතුනමයි..
මොකද සමහරක් වචන තියෙනවා ඒවා කියන කෙනා අනුව දැනෙන විදිහ වෙනස්.. දැනුත් එහෙමයි."ඉදුවර අපි කැම්පස් ආව මුල් කාලේ මට මේ වගේ කරදර කරේ නෑ.. මේ හැමදේම පටන් ගත්තේ දුරුතු නිසා.."
මන් හිතේ තියෙන දේවල් කියන්න ලෑස්ති උනා.. තවත් මේවා හන්ගලා වැඩක් නෑ.
"ඒ කිව්වේ?"
"ඔයා දන්නවනේ ගෙමිදු ගැන.. ඌ අපිට වඩා ටිකක් වෙනස්.. ඒක ලෙඩක් නෙවේ ඒ ඌ හැදුන හැටි.. කතා කරකොට ඇවිදින කොට ඒ හැමදේම පොඩි ළමයෙක්ගේ වගේ.. ඌ මුලදි කැම්පස් ආවේ මාරම බයෙන්.. අපි හිටියේ නැත්තං රැග් සීසන් එකෙන්ම කැම්පස් එකෙන් එලි බැහැලා.."
YOU ARE READING
SITHTHARA | COMPLETED
Romanceආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!