"මුලදි අයියලාට ප්‍රශ්නයක් ආවා කිව්වා.. සමහරක් විට අපිට උනත් වෙන්න පුළුවන්.. ඒ නිසා වචන පාවිච්චි කරද්දි පරිස්සම් වෙන්න වෙනවා.. ගම්වල මිනිස්සු කොන්ඩම් එක උනත් මචං කුණුහරුපයක් විදිහට දකින්නේ"
"එතකොට කොහොමද රෙපා අපි මේක කරන්නේ? යකෝ අපිටත් පොඩි උන්ගේ අම්මලා තාත්තලා කැති පෝරෝ උස්සන් ආවොත්? සිරාවටම මේක කරන්න ඕනිද?"
"අඩෝ ඔව් බං එක්කෝ අපි ලග පාත ස්කූල් එක්කට යමංකෝ"
"උන්ට කරන්න හොදයි අපි එපා කියද්දි තමා රිදෙන්නේ"
"බෑනේ බං මේ බලපං මේ ප්‍රොජෙක්ට් ශීට් එකේ තියනවනේ දුෂ්කර පාසලකට කියලා..""තවත්තපල්ලා කතාවල්!!! දැන් උබලා බය වෙන්න එපා.. අපි අපේ සේෆ්ටි එක ඩිපාර්ට්මන්ට් එකෙන් ඉල්ලමු එතකොට හරිනේ.. අනික මේක කරන්නම ඕනිද ගගා මෙතන මැරෙන්න හදන්න එපා බං මේක ප්‍රොජෙක්ට් සබ්ජෙක්ට් එකක් මිසක් අපි බලෙන් ඉල්ලන් කන වැඩක් නෙවේනේ..
අහපල්ලාකෝ මේක ඉක්මනට ඉවරයක් කරලා දාමු එතකොට නිදහස්නේ.. මේ ඩීටේල්ස් ටික තමා දැනට හොයා ගත්තේ.. ඉදපං මම කියවන්නම්""කියවපංකෝ එහෙනම්"
"හරියට අහන් ඉදලා අයිඩියා එකක් ගනිල්ලා!!!
සංගනන වාර්තා අනුව 2014 සිට 2024 දක්වා දුෂ්කර පලාත් වල ගැහැණු දරුවන් ගැබ් ගැනීම සහ දිළිදු පවුල් වල දරුවන් වැඩි වීම නිසා සිගමන් යැදීම මේ වන විට සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවති.. මෙම තත්ත්වය අවම කරගැනීම සදහා සෞඛ්‍ය ක්ෂෙත්රය මගින් විවිධාකාර දැනුවත් කිරීම් වැඩසටහන් දියත් කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ලබා ගත්තද ඇතැම් මිනිස් කණ්ඩායම් එවැනි සරල ක්‍රියාවකින් මගින් වෙනස් වන බව නොපෙනී යයි.. ඔවුන්ට අවශ්‍ය මානසික සහ කායික දැනුම පවුල් සෞඛ්‍ය අදිකාරිය මගින් නිවැරදි ආකාරයට සිදුවනවාද යන්න ප්‍රශ්න සහගත වේ.. වයස අවුරුදු 11 සිට 18 දක්වා පාසල් යන කුඩා දැරිවියන් ස්ව කැමැත්තෙන් හෝ බලහත්කාරම් හේතු කොට ගෙන ගැබ් ගැනීම නිසා මේ වන විට ළමා මරණ වාර්තාව ඉහල යමින් පවති.. නිසි පෝෂණය සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නොලැබීම හේතුවෙන් මව සහ දරුවා යන දෙදෙනගේම ජිවිත මරණය තුලින් අවසන් වී ඇති සංවේදි කාරණා මේ වන විට නොයෙකුත් පලාත් වලින් අසන්නට දකින්නට ලැබේ.. අවුරුදු 18 වැඩි විවාහක සහ අවිවාහක තරුණියන් ගැබ් ගැනීම සහ එම දරුවන් මග මහ හෝ රෝහල තුලම අතහැර දමා යෑම මේ වන විට රජය විසින් මුහුණ දෙන නව ගැටළුවක් බවට පත් වී ඇත..
මේකේ තව හෑල්ලක් තියෙනවා දියානා ගාව.. ඒකේ ඔක්කොම ඕන කරන ස්ටැටිස්ටිකල් ඩීටේල්ස් තියෙන්නේ.. එයා අද අසනීප නිවාඩු.. දහමයා ගාව තියෙන නෝට් එක කියවපං!!"
YOU ARE READING
SITHTHARA | COMPLETED
Romanceආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!