"ඒ ගැන ආපහු හිතලා බලන්න ගවී.. බාප්පා දැන් ඉන්නේ ගොඩක් පසුතැවීමෙන්.. අනික ඔයා පුංචි ගැන දන්නවනේ... එයා ජිවිතේට වෙනස් වෙන්නෑ.. හරි පුංචිව හිතින් අමතක කරන්නකෝ.. ඒත් බාප්පා එහෙම නෑ.. He literally accepted you!! ප්ලීස් ගවී අඩුම කෝල් එකක්වත් දෙන්න"
"මට බෑ තිවා.. ඩැඩා මන් ගැන හිතලා උනත් කරේ වැරදි දෙයක්.. එයාට තේරුම් ගන්න බැරි උනාද පෘථිවි කියන්නෙත් දරුවෙක් කියලා!!! කොහොමද එයා හිතක් පපුවක් නැතුව අර ප්‍රශ්නේ වෙලාවේ පෘථිවිව යූස් කරේ? නෑ තිවාන් නෑ!! මට මතක් වෙනකොට ලේ ටික පිච්චෙනවා.. ඒ නිසා ඒ ගැන කතා නොකර ඉන්න"
"ඔයා පෘථිවිට වඩා හිතුවක්කාර වෙන්න එපා ගවී.. දැන් හැම ප්‍රශ්නයක්ම සෙට්ල් වෙන ගමන් තියෙන්නේ.. අවුරුද්දක් ගෙවිලා ගියා.. අනික බාප්පා දැන් පාර්ලිමන්ට් යන්නේ නැති නිසා ඔයාලට ලෝසත් අන්කල්ගෙන් ඉස්සරහට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.. බාප්පා මේ හැමදේම කරේ ඔයාටයි පෘථිවිටයි ප්‍රශ්නයක් නැතුව ලංකාවේ ඉන්න ඕනි නිසා.."
"I donno about that Thiva.. but i fucking hate everyone!!!!.. මගේ කොල්ලා මන් නිසා අසරණ උනා!!!"
මම තවත් ඩුවට් එක අස්සට ගුලි ගැහුනා.. උදේ පාන්දර ගවේෂ් අයියා තිවාන් අයියා එක්ක කුටු කුටු ගානවා.. කෝල් එක pc එකෙන් අරන් තියෙන නිසා හොදට ඇහෙනවා.. මාත් ඉතින් මොනවද කියලා අහන්න ඕන නිසා සද්ද වහලා කන් දෙක විශාල පරාසයකට විහිදුවා ගත්තා.. මන් දන්නවා අනුන්ගේ කෝල්ස් හොරෙන් අහන්න හොද නෑ කියලා.. ඒත් වැඩේ කියන්නේ අනුන්ගේ නෙවේනේ.. මගේනේ.. ඒ නිසා අහනවා..
ඒ අස්සේ ගවේෂ් අයියා බෙඩ් එක පල්ලේ තියන මගේ රෙදි ටික නවනවද කොහෙදෝ.. ඊයේ රෑ මොකක් හරි එක්කට එයා මගේ කන මිරිකුව නිසා මම තරහා වෙලා නමපු රෙදි ටික ඔක්කොම බිමට දාලානේ නිදාගත්තේ.. දැන් එයා ආයෙත් නවනවා.. පව් අනේ!!!!
"දැන් ඔයාලගේ මැරේජ් එකේ වැඩ කොහොමද ගවී.. ඔයාට තනියම සෙට්ල් කරගන්න පුළුවන්ද?"
"ශේප් තිවා.. අපි ඉමිග්‍රන්ට් නිසා තමා මෙච්චර පේපර් වර්ක්ස් තියෙන්නේ.. මන් හිතන්නේ නෙක්ට්ස් මන්ත් වගේ පුළුවන් වෙයි.. සමහරක් විට ඊටත් කලින්.. ඊට පස්සේ කෙලින්ම ලංකාවේ"
YOU ARE READING
SITHTHARA | COMPLETED
Romanceආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!