"රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ
දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ
අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ
නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ"
[Ran muduwaka - Supun Perera]පේන්ටින් එකක් කරන ගමන් ඉද්දි කම්මැලි කමට එකෙක්ට විඩියෝ කෝල් එකක් අරන් සෝන්ග් එකක් කියන්න කිව්වම ඌ ගිටාර් එක අරන් ජිවිතේට අහලා නැති බූට් සිංදුවක් වනන්න ගත්තා.. ඔන්න ඔහේ කම්මැලි කමට මාත් අහගෙන හිටියා.. ලස්සනයි හැබැයි..
සින්දුවත් අහගෙන මගේ පාඩුවේ මම කලර් පැලට් එකේ කලර්ස් මික්ස් කරලා පිට අල්ලේ තවරගත්තා.. ඊට පස්සේ සියුම්තුඩක් තියන පින්සලෙන් හරිම සංයමයෙන් ඩීටේල්ස් ඔක්කොම හයිලට්ස් කරන්න ගත්තා.. මට අනුව පේන්ටින් එකක සීරියස්ම මූමන්ට් තමා මේක.. මේ වෙලාවට දැනෙන්නේ ඒ ඩ්‍රෝවින් එක ඇතුලේ මම ජීවත් වෙනවා කියලා..
මොනවා නැතත් අපේ නිපුල්ට හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්.. ඉස්සර නිවාසේ හිටිය හොදම ගායකයානේ.."තනි යහනේ මා තැවෙනා හැම වාරේ
ඔබේ පහසේ මා සිහිනෙන් සැනසෙන්නේ
මා තුරුලේ ඔබ නළවා සතපන්නේ
කවදාදෝ මේ සිහිනේ එළිවන්නේ"ජිවිතේ ගොඩක් දේවල් සිද්ධ උනා.. ආපස්සට හැරිලා බලකොට කදුළු පුරවන් මතක් කරන්න පුළුවන් පරිච්ඡේද ගාණක මතක තියෙනවා.. ඒ අතරේ ත්‍රාසය, භීතිය, කුතුහලය, ආදරය, ශෘංගාරය කියන හැම හැගීමක්ම තියෙනවා.. අද මම, මේ මොහොතේ, මගේ ජිවිතේ උවමනාවටත් වඩා විදිනවා..
"දුක වාවා නගනා හසරැල්
දුටුවා මා නුඹෙ හද මනසින්
වියකි යන්නට පෙර රහසින්
මගෙ දෝතට ගන්නම් සෙනහෙන්"මම කැන්වස් ස්ටෑන්ට් එක උඩ හේත්තු කරපු ෆෝන් එක දිහා බැලුවා.. නිපුල් ගිටාර් එක දිහා බලාගෙන පාඩුවේ සින්දුව කියනවා.. ඌ සින්දු කියනකොට අහන් ඉන්න විතරයි නෙවේ බලන් ඉන්නත් ආස හිතෙනවා..
"ප්‍රේමය මා වින්දා
නුඹේ ඇසුරේ නිවුනා
මුලු ජීවිතේම නුඹ මගේ වීලා
අපි ආදරයෙන් ඉමු ලංවීලා"හරියටම දැනට මාසෙකට කලින් මාත් ගවේෂ් අයියත් එක රැයකින් ලංකාවේ වයිරල් උනා.. එදා අපි දෙන්නා ඇති කරපු සිදුවීම ලංකාවේ බහුතරයකගේ කතා බහකට ලක් උනා.. ඉදුවරගේ ප්‍රශ්නය වගේම අපේ සෙක්ෂුවැලිටි එකත් ප්‍රශ්නයක් කරගත්ත අය ඒ අතර හිටියා.. ඒත් ඒ හැමදේටම වඩා අපේ ගට් එක නිසා සීයට අසූවක විතර පොසිටිව් ෆීඩ් බැක් එකක් තමා හම්බුනේ..
කම්පැනි එක අතිශය තුන්වෙනි වතාවටත් ලොස් එක්කට ගියා.. හැම බිස්නස් පාර්ට්නර් කෙනෙක්ම ඒ කම්පැනි එක රිජෙක්ට් කරා.. මොකද ආයෙත් ෆීල්ඩ් එකේ රැදෙන්න බැරි තරම් ඩැමේජ් එකක්නේ කම්පැනි එකට උනේ..
රේප් සීන් එක නිසා අපිට පොලිස් ඉන්වෙස්ටිගේෂන් එක්කට මූණ දෙන්න උනා.. හැබැයි හැමදේම හැන්ඩ්ල් කරේ තවිරු අයියා නිසා අපිට ඒක ලොකු ප්‍රෙශර් එකක් විදිහට දැනුනේ නෑ.. ඉදුවරට ආයේ නැතිවෙන්න දෙයක් තිබුනෙත් නෑ..
YOU ARE READING
SITHTHARA | COMPLETED
Romanceආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!