Chapter 32

4.8K 726 205
                                    

"නගිනවද?"

"මන් බයික් එක ගන්නද?"

"මන් දැන් නැගලා ඉවරයිනේ මන් ගන්නම්.. නගිනවනම් නගින්න එච්චරයි"

"නගින එකනම් නගිනවා මෙතන කමක් නැද්ද මන්දා"

"අනේ මේ ගවේෂ් අයියේ කුණුහර්ප නැතුව නගි- ෂිට් ඉදගන්නවකෝ අයිසේ!! මන් නැත්තං යනවා ඈ"

මේ මනුස්සයා මෙතන මාව අල්ලං ජෝක් කරන්නත් අරන්.. වෙලාවට සැගා අයියා හිටියේ නෑ.. ඒ නිසා පවිරුවාගෙන් කී එක ඉල්ලන් ආවේ.. නැත්තං මට යන්න වෙන්නේ අර තඩිම තඩි දඩු මොණරෙන්.. ඒකත් පිටිපස්සට වෙලා පැසෙන්ජර් ප්‍රින්ස් වගේ..

මන් තරහින් සයිඩ් ස්ටෑන්ඩ් එක උස්සලා බයික් එක ස්ටාර්ට් කරගත්තා.. මන් දාලා යයි කියලා හිතලද කොහෙදෝ  පට ගාලා ඇවිත් බයික් එකෙන් ඉදගත්තා... ඉදගත්ත පාරට බයික් එක ඉස්සරහින් ලාවට ඉස්සුනත් එක්ක.. තව ටිකක් බරදාලා ඉදගත්තනම් සීසෝ පදින්න තිබ්බා.. මන් හෙල්මට් එකේ ක්ලිප් එක පොඩ්ඩක් පල්ලට ඇදලා බයික් එක ස්ටාර්ට් කරලා රූට් එකට දැම්මා.. මගක් දුර නෝමල් ස්පීඩ් එකෙන් ඉස්සරහට යනකොට සීතල අතක් බඩ වටේ යනවා දැනුනා..මට එහෙම්ම පාර මැද සද්දෙට බ්‍රේක් උනා..

"මොකෝ.."

"අත් දෙක ගන්නවද?"

"බෑනේ පෘථිවි මන් බයික් වල යන්න බයයි.."

ඔන්න පටන් ගත්තා..

"ඇත්තද.. එතකොට අර සැගා අයියගේ බයික් එකේ බේබි කාට් එකක් වත් දාලා තියෙනවද හෙල්මට් නැතුව හයිස් ස්පීඩ් යන්න.."

මන් දැන් මේ යකාගේ බොරු වලට අහු වෙන්නේ නෑ.. දැන් මීනී කන සිංහයෙක් පෙන්නලා පෘථිවි බයයි කිව්වත් !! මන් පිලිගන්නෑ නෑමයී..

"මට තමුසේව ෂුවර් නෑ එකයි අල්ලගත්තේ.."

"ෂුවර් නැත්තං මොකටද පැනලා ආවේ.. දැනුත් වෙලාව තියෙනවා ගොඩ දුරක් ආවේ නෑ.. පාඩුවේ බැහැලා යන්න පුළුවන්.."

"ඉතින් වැටෙයි කියලා අල්ලගත්තේ"

"අතාරිනවද නැද්ද....?"

මේ මිනිහට තේරෙන්නෑනේ මන් කියන දේ.. එහෙම අල්ලන් ඉද්දි මට- ඇගේ හිරිගඩුත් පිපෙනවා..

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now