Exhibition එක ඊයේ ජයටම උනාලූ... අද තමා ෆන්ෂන් එක. අපි ඉතින් exhibition එකේ කමිටි එකේ හිටිය නිසා වෙනම ටිකට්ස් ගන්න ඕනි උනේ නෑ. ඉන්විටේෂන් හම්බෙලාම තිබ්බා. දොලහට පටන් ගන්න නිසා අපි කතා උනේ එතෙන්ට එකොලහ හමාරට යන්න. දොළහට කිව්වට ඕක පටන් ගද්දි එක පහු වෙනවා.
මන් හොයලා හොයලා මට තිබ්බ හොදම අත් දිග ලයිට් බ්ලූ කලර් ෂර්ට් එකට ක්රීම් කලර් ඩෙනිම් පෑන්ට් එකක් ඇන්දා. ගිය අවුරුද්දේ ත්රිෆ්ට් ෂොප් එක්කින් ගත්ත සෙකන් හැන්ඩ් අඩිඩාස් දෙක දාගෙන ඕඩිකලෝන් එක ඇගපුරාම හලාගත්තා. කොණ්ඩෙත් චුට්ටක් ජෙල් කරගෙන උස්සගත්තම කොල්ලා ඉන්නවා නිකන් හැන්ඩියා වගේ. අනේ මන්දා පැත්තට නිකන් සාරුක් කාන් වගෙත් පේනවා.
පවිරුවා මග එනවා කියලා කෝල් කරපු නිසා මන් එහෙම්ම සයිඩ් බෑග් එකත් අරන් යන්න ලෑස්ති උනා. බෑග් එකත් බෙල්ල හරහා දාලා කුස්සියේ ලයිටුත් ඕෆ් කරලා කාමරේට ආවාම දැක්කේ ටේබල් එක උඩ තිබ්බ මන් ඊයේ රෑ කරපු ඩ්රෝවින් එක. මන් ඒක දිහා ටික වෙලාවක් බලන් ඉදලා ටේබල් එකේ පොත් වගයක් එහා මෙහා කරලා ෆයිල් එකක් අරන් ඩ්රෝවින් එක ඒකට දාගත්තා. ඊටපස්සේ එකත් එහෙම්ම බෑග් එකට දාන් අඩියට දෙකට දොරත් වහගෙන එලියට ආවා. එක්කො අද මන් ගවේෂ් අයියගෙන් සමාව ගනී. නැත්තං නැතිවෙයි. ඊට පස්සේ පවිරුයි මායි හරියටම එකොළහ හමාරට කැම්පස් එකට ආවා.
"අඩ්ඩඩා.... මුගේ ලස්සන බලන්පංකෝ ගෙමිදුවා. තෝ අද ආවේ කෑල්ලක් සෙට් කරගන්නනේ කියපං කියපං කියපං ඉතින්"
"අහ්!!! හෙහ් හෙහ්... එප්පා.. කිචි හුත්තෝ"
මඩයා මාව දැක්ක ගමන් දුවන් ඇවිල්ලා බඩ මිරික මිරික කිචි කවන්න ගත්තා. මට ඉතින් හුළං වැදුනත් කිචි. අදිසංවේදී සරීරයක් මට පිහිටලා තියෙන්නේ. මන් ඉතින් උගෙන් බේරෙන්න මද්දට අහු උන ඌරුලෑවා වගේ දගලනවා.
"නැත්තෙ කොහෙද බලපං උබ ගාව බේබී සුවදයි අම්බෝ"
"ආව ගමන් ඉබින්න තියාගන්න එපා බං. අනික මං ඔය සබ්ජෙක්ට් එකේ නෑනේ. අනික මට මේ අපේ එක්කනා ඉද්දි තව මොකටද. නේද පවිරූ......"
ගෙම්බයි මොහොමඩයයි මාව මඩවන්න ගත්තා. මන් එක පවිරුට පාස් කරාම ඌ මුකුත් කියන්නේ නැතුව ලාවට හිනාවක් දාලා සාක්කු දෙකටත් අත් දෙක දාගෙන අපිට ඉස්සර උනා. ඌ කෝමත් අපේ ගොන් ආතල් බලන් ඉන්නවා විතරනේ. සාභාගීත්වයක් නෑ. කොයි වෙලේද අපිට බනින්න තියෙන්නේ අන්න ඒ වෙලාවට නම් සුපර් ඇක්ටිව්. උගේ ආච්චිටම කියලා කොහිල තම්බලා දෙන්න ඕන. තම්බලද? උයලද? අනේ මොකක් හරි.
YOU ARE READING
SITHTHARA | COMPLETED
Romanceආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!