Chapter 56

4K 629 207
                                    


"අ-නේ මාව එක්කන් යනවකෝ නි-පුල් මට මෙහෙ තවත් ඉන්න බෑහ්"

"අඩෝ සිත්තා උබ අඩනවද? මොකද උනේ?"

"මේක ඔ-යා දැනගෙන හිටියේ නැද්ද නිපුල්? මාව ආයෙත් එක්කන් යන්නකෝ.. මෙහෙම ලබ්බක් වෙනවා කියලා දන්නවනම් ලංකාවට එන්නෙත් නෑ.. මට හිතාගන්න බෑ බං කිසිදෙයක්.. මොනවද බං මේ වෙන්නේ? ඇයි බං මේ හුත්තවල් මටම වෙන්නේ.. මැරෙන්න හිතෙනවා බං.. ප්ලීස් මාව එක්කන් පලයං.. මට අම්මා- මට ගෙදර- මට තේර්න්නෑ බං"

"සිත්තා බය කරන්නේ නැතුව මොකක්ද උනේ කියපං හරියට.. ඇයි මේ කෙල්ලෙක් වගේ අඩන්නේ?"

"ඇයි කොල්ලොන්ට අඩන්න බැරිද නිපුල්? ඒක තහනම්ද? පකේ ලොජික් ගේන්න එපා!!!"

"සිත්-"

මම ෆෝන් එක කට් කරලා විසි කරලා දැම්මා.. විසි උන පාරට ඒක කරනම් දෙකක් ගහලා ගිහින් කාපට් එක උඩට වැටුනා.. මට ඔෆිස් එකෙන් ආව විදිහ මතකත් නෑ.. මම තාමත් ඉන්නේ මුකුත් හිතාගන්න බැරුව....
ලිවින් රූම් එක මැද බිම ඉදගෙන හිටිය මම එහෙම්ම සෝෆා එකට ඔළුව හේත්තු කරගත්තා.. කදුළුත් එනවා ඒ අස්සේ.. දරාගන්න බැරි තරම් පපුව රිදෙනවා.. මන් දන්නෑ ඇයි මෙච්චර රිදෙන්නේ කියලා.. මට මැවි මැවි පේන්නේ ඉලවේටර් එක ඇතුලේ මන් දිහා ෂොක් වෙලා බලාගෙන හිටිය මනුස්සයාව.. සමහරක් විට එයත් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති මාව ඒ මොහොතේ දකින්න.. ඒත් චීෆ් වෙලත් එයා දැනගෙන හිටියේ නැද්ද ඩිරෙක්ටර් බෝඩ් එකට කවුද අලුතෙන් ආවේ කියලවත්? එයා ඒ තරම් කෙයාලස්ද?

හෙට ඉදලා මම කම්පැනි එකට යන්නම ඕනිද? මේක අහම්බයක් වෙන්න පුළුවන්ද? අවුරුදු ගානකට පස්සේ කොහොමද මෙහෙම උනේ? මන් මේ ප්‍රශ්නේ කොහොමද තනියම හැන්ඩ්ල් කරන්නේ? නිපුල් මේ ගැන සිරාවටම දැනගෙන හිටියේ නැද්ද? එතකොට දක්ෂි? එයාව මේක අස්සට දාගත්තේ කවුද? දියානාත් දැනගෙන හිටියද? නොදන්න විදිහක් නෑනේ.. ඒකද එයා කියන්න ට්‍රයි කරේ? ඒත් අන්තිම මොහොතේ එයා කියලා මොනවා කරන්නද? මම දැන් මොකද කරන්නේ?

මෙච්චර කාලයක් මන් කරපු දේවල් එකදවසින්- ෂිට්!!!! මට මෙතනින් අයින් වෙන්න විදියකුත් නෑ.. මම එහෙම කරොත් ඒක කෙලින්ම බලපාන්නේ නිපුල්ට.. එතකොට මම මාව අමතක කරලා ඌ ගැන හිතන්න ඕනිද? මන් ගැන කියලා හිතලා මට කවදාවත් තීරණයක් ගන්න බැරිද?

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now