"අයියේ...."
"ම්ම්ම්..."
"මේ බලන්නකෝ"
"ම්ම්ම්..."
"මන් හිතන්නේ මම ප්‍රෙග්නට්"
ගවේෂ් අයියට බිබී හිටිය වතුර එක පිට උගුරේ ගිහින් කැස්සක් ආව නිසා මම දුවගෙන ගිහින් පිට මැදට ගහගෙන ගහගෙන ගියා.. අනේ අනේ මෝඩ කොල්ලා වතුර ටිකක් බොන්න දන්නෑනේ හරියට.. පොඩි ළමයි වෙන්න හදනවා...
"ක්හැ ක්හැඃ.. මොක්- ක්හැඃ මොකක්ද කිව්වේ"
"මම හිතන්නේ මම ප්‍රෙග්නට්.. මේ බලන්න මගේ බඩ ටිකක් ඉස්සරහට ඇවිල්ලා නේද?. අනික මට වමනෙත් යන්න වගේ.. මට දැන් සැර කන්න ආස හිතිලා ඉන්නේ.. මන් හිතන්නේ මැරි කරාට පස්සේ දෙයියොන්ට දුක හිතිලා අපි දෙන්නට-"
"ඔලුව කොහෙහරි වැදුනද?"
මම ෂර්ට් එක උස්සන් බඩ පෙන්නගෙන ඉන්නකොට ගවේෂ් අයියා මගේ උරහිසෙන් ලගට ඇදලා අරන් ඔලුව පාත් කරවලා කොණ්ඩේ අස්සෙන් අත යවලා ආබාදයක් නැති බව තහවුරු කරගත්තා.. ඒකරලා මගේ නළලට අත තියලා උණත් බැලුවා.. ඊට පස්සේ මට 'සෝ මච් ඩන්' වගේ ලුක් එකක් දාලා නව නව හිටිය රෙදි ටික අරන් සූට්කේසස් වලට දාන්න පටන් ගත්තා..
"එහෙම උනොත් කොහොමද මම මේ ලෝකෙට මුහුණ දෙන්නේ ඒයී? එතකොට බබාව එලියට ගන්නේ කොහෙන්ද? කටින්ද?"
"පෘථිවී~.... විහිළු වල සීමාවක් තියාගන්න..."
"ආහ් දැන් ඔයාට මං කියන දේවල් විහිළු..."
මම මලපැනලා බෙඩ් එක උඩට සුපර් මෑන් වගේ පැන්නා.. පැන්න පාරට නවලා තිබ්බ රෙදි ටික බම්ප් වෙලා ගිහින් බිම වැටුනා.. ගවේෂ් අයියා ඒක දිහා බලලා මන් දිහා 'දෙනවා දැන් දෙකක් උබට' වගේ බැලුවා.. මම ආදරණීය හිනාවක් දාලා ස්ප්‍රිං මෙට් එක උඩ එක දිගට උඩ පනින්න ගත්තා.. මේක බම්ප් වෙනවා කියන්නේ සීසෝ එකක් වගේ..
මට දැන් ඉවසිල්ලක් නෑ..
අපි ලංකාවට යන්නයි යන්නේ..!!!!"උදව්වක් දෙන්න බැරිනම් අඩුම පැත්තකට වෙලා ඉන්නවද බබා.. උඩ පැනලා කොන්ද කඩාගත්තොත් මං නම් බලන්නෑ.. යන්න ගිහින් අර ටූල්ස් ටිකවත් පැක් කරගන්න"
YOU ARE READING
SITHTHARA | COMPLETED
Romanceආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!