Chapter 76

2.2K 407 95
                                    


"අර්හ් අම්මාහ් ඔලුව"

දෙකට පැලෙන්න තරම් ඔලුවේ කැක්කුමක් එක්ක මං බෙඩ් එකේ අනික් පැත්තට පෙරලෙනවත් එක්කම ඩුවට් එකේ පැටලිලා තපස් ගාලා ඇදෙන් පල්ල වැටුනා.. නලල ගිහින් කෙලින්ම ලීයක වගේ එක්ක වැදුනා.. වැදිච්ච වැදිල්ලට නින්ද පෑල දොරින් පැනලා ගියා.. මම ඉක්මනට නැගිටලා ඇගේ පැටලිලා තිබ්බ රෙද්ද අයින් කරගත්තා.. මොකක්!!! මෙහෙ????
උඩදාලා අතෑරියා වගේ... මං ඉන්නේ අර ලෑලී ගෙදර.. මං කවද්ද මෙහෙ ආවේ?

මම රූම් එක වටේට කැරකිලා බැලුවා.. කිසි දෙයක් වෙනස් නෑ.. මන් පොඩි කාලේ ගවේෂ් අයියට දුන්න වැන්ගෝ ආර්ට් එක තාමත් වෝල් එකේ තියෙනවා.. මම ඇදපූ මාස්ටර් ඕගී තාමත් වෝල් එකේ ඉන්නවා.. හැබැයි පාට ටිකක් ගිහිල්ලා.. මොකද ඒකට ආෆ්ටර් කෙයා දෙන්න බැරි උනානේ.. කබඩ් එක, ටේබල් එක, කාර්පට් එකවගේම තාමත් තියෙන්නේ අර පරණ කර්ට්න් එක.. මම ඩුවට් එකටත් පයින් ගහගෙන රූම් එකෙන් එලියට ආවා..

ඊයේ රෑ උනේ මොකක්ද කියලා නිකන් ලාවට වගේ මතකයි... ආර්හ්හ්.. මගේ ඇදුම් පවා මාරු කරලා කියන්නේ මං හොද නයි නාඩගමක් නටලා වගේ..

මන් කැරකි කැරකි ලිවින් රූම් එකට ආවා.. ඉස්සර ලොකුවට ලස්සනට සාලේ මැද තිබ්බ ෆිෂ් ටෑන්ක් එක හිස්.. වතුරත් නෑ මාළුත් නෑ.. හැබැයි මාළු කෑමනම් තියෙනවා.. මම අසාවෙන් ඔක්කොම අතපත ගාලා බැලුවා.. ඒ දවස් වල මට ඉල්ලලාවත් ගන්න බැරි උන මගේ පේන්ටින් ටූල්ස් ටික තාමත් කබඩ් එකේ පරිස්සමට තියෙනවා.. ඒ කියන්නේ අවුරුදු තුනක් තිස්සේ ගවේෂ් අයියා මේවා පරිස්සම් කරලා.. හ්ම්ම් හ්ම්ම්!!! නයිස්!!!!

මම තරප්පුව දිගේ පල්ලට බැහැගෙන ආවා.. ඉස්සර වගේම බහිනකොට ඇහෙන චරස් චරස් සද්දේ වෙනසක් නැතුවම ඇහෙනවා..
අනිවාරෙන් මේ පාරත් මම ගුවනින් ගෙදරට එන්න ඇත්තේ..
දන්නැද්ද ඉතින් සමහරක් වෙලාවට ඩාම් වෙනවා ඩූම් වෙනවා!!!

අදනම් අර හස්බන්ඩ් කාරයාගෙන් මට කනක් ඇහෙන්නැතිවෙන්න අහගන්න පුළුවන්... හරිනම් මේ වෙලාවට රේඩියෝ එක ඔන් වෙන්නෝන.. හැබැයි තාම කිසි සද්දයක් නෑ.. මම හැම රූම් එක්කටම හොම්බ දාලා බැලුවා.. ඩයල් එක නෑ.. අන්තිමට මම කිචන් එකට ගිහින් බැලුවම ෆ්‍රිජ් එකේ මැද ස්ටිකී නෝට් එකක් අලවලා තිබ්බා.. මම ඒක ගලවලා ගත්තා..

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now