අද ඉරිදා දවසක්.. ඒ කියන්නේ කොල්ලා ගෙදර.. මහලොකු කම්පැනි එක අද වහලා.. මම වෝ ඩ්‍රොබ් එක ඇරලා ඇදුමක් තෝරන්න ගත්තා.. ඉස්සරනම් අතට අහු උන එකක් ඔහේ ඇදගෙන ගියා.. ඒත් නිව්සි ඉද්දි ආයූ මගේ බ්‍රෙන් වොෂ් කරලා සීරෝ ලෙවල් එකේ තිබ්බ මගෙ ෆැෂන් සෙන්ස් එක ගානට හදලා ගත්තා.. දැන් ඉතින් තෝරලා බේරලා අදිනවා.. හැමදාම එකම විදිහට ඉන්න බෑනේ...
අද මට තියෙනවා කාලෙකින් දැක්කේ නැති/හම්බුනේ නැති කෙනෙක්ව බලන්න යන්න.. එයා මාව දැකලා කොහොම රියැක්ට් කරයිද දන්නෑ.. සමහරක් විට බැනලා එලවගන්නත් ඉඩ තියෙනවා.. දියානා කිව්වා වගේ මම ගන්න හදන්නේ හොද තීරණයක් වෙන්නත් පුළුවන්.. එහෙම නැත්තං මම ගන්න නරක තීරණයක් වෙන්නත් පුළුවන්..
ටී ෂර්ට් ගොඩ අවුස්සන්න ගිහින් මට අතට අහු උනේ ගවේෂ් අයියගේ ෂර්ට් එකක්.. මම ඒක අතට අරන් හරව හරව බැලුවා.. මම ලංකාවට එනකොට මේක ගෙනාවේ නෑ.. මට දැන් සාදාරණ සැකයක් තියනවා මේ දේවල් කරන්නේ නිපුල්ද කියලා.. නොදැනුවත්ව හරි මේ වැඩ නිසා වෙන්නේ පැරිච්ච මගේ හිත තව තවත් පෑරෙන එක.. මේ පොඩි දේට උනත් මට කොච්චර දුක හිතෙනවද කියල දන්නවනම් මෙහෙම කරන්න ඌ හීනෙන්වත් හිතන්නේ නැති වෙයි.. මම ෂර්ට් එක ගුලි කරලා අස්සටම එබුවා.. කොච්චර කරත් මට ඒ දේවල් විසිකරලා දාන්න තරම් හයියක් අදටත් නෑ.. මේ ටිකේම වෙන්නේ ගොඩාක් අහඹු දේවල්.. ඒත් ඕනවට වඩා අහඹු දේවල් වෙනවනම් ඒවා අහඹ්බෙන් වෙනවද කියලා දෙපාරකට වඩා හිතන්න වෙනවා.. මොකද මගේ ජිවිතේ නවකතාවක්වත් මූවි එකක්වත් නෙවේනේ.. මන් ලංකාවට එනකොට ගෙනාපු නැති ගොඩක් දේවල් මට දැන් එහෙන් මෙහෙන් අහු වෙනවා.. නිපුල් වචනෙන් කිව්වේ නැතත් මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ ඌ කියන්න මට දැන් තේරිගෙන එනවා.. වෙලාවකට හිතෙනවා අපරාදේ මන් ඌ එක්ක හැමදේම කිව්වේ කියලා..
ඌ මට කෙලින් හිටගන්න බැරි කාලේ මගේ හිත හදලා නැගිට්ටුවා.. ඒත් ඌ දැන් නොදැනුවත්වම ලෑස්ති වෙන්නේ මාව පරණ තැනටම ඇදලා දාන්න.. බලාගෙන ගිහාම උගේ තියෙන්නෙ හිතාගන්න බැරි ප්ලෑන්ස්.. ජැෆ්නා වලට වෙලා කෝවිල් ගානේ ඇවිදලා පාඩුවේ චිත්‍රයක් ඇදගෙන හිටිය මාව එකපාරටම කොන්ක්‍රීට් ජංගල් එකට ගෙනල්ලා දැම්මා.. ඒකත් කමක්නෑ කියමු.. ඒත් ගවේෂ් අයියා ඉන්න තැනටම??? මම තරම් ගොනාට ඇන්දෙන්නැතුව ඇති ගොනෙක්වත්..
YOU ARE READING
SITHTHARA | COMPLETED
Romanceආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!