Chapter 77

4.5K 625 194
                                    

"මේක මොඩිෆයි කරන්න අමාරුයි වෙයි බං"

"ම්ම්ම්.."

"කොහොමද බං මෙච්චර දෙයක් උනේ? බලපංකෝ ගන්න දෙයක් නෑනේ.. දැන් මේක කවද්ද වෙලා තියෙන්නේ?"

"ඔය සිද්ධිය වෙලා තියෙන්නේ අර එදා ස්කොට්ලන්ඩ් යනවා කියලා මට පචයක් ගහපු දවසේ.. හැබැයි මෙහෙමයි ඒක පචයක්ම නෙවේ.. ඒ ගමන කැන්සල් වෙලා තියෙන්නේ මේ ඇටෑක් එක නිසා.. ගවේෂ් අයියා මට කිව්වේ මීටින් එක කැන්සල් උනා කියලා."

"ඒ කියන්නේ හරියටම අවුරුද්දක්.. මාර සීන් එකනේ.. ඉතිං ඉතිං"

"මුකුත් වෙලා නෑ දෙයියනේ කියලා.. හරිස්චන්ද්‍ර අන්කල් මන් ලංකාවට ආවට පස්සේ කෝකටත් කියලා ගවේෂ් අයියට පොඩි ගාඩ් එකක් දාලා තිබ්බා.. එයා ඒක දන්නෑ... සිරාවටම එදා ගාඩ්ස්ලා ආවේ නැත්තං මෙලහකට වෙන්න ඕනී දේවල් වෙලානේ.. අනික එක්කෙනෙක් කොහොමද බං දහයකට ගහන්නේ? අනික දවසක් අන්කල් මාව බලෙන්ම අඩගහගෙන ගිහින් සෑහෙන දේවල් ගොඩක් කිව්වා.. ඊට පස්සේ "ඇනේ පුචේ මගේ පුචා වෙනුවෙන් ආයෙත් රචින් යැන්චකෝ" ගෑවා.."

"සිරාවටම????"

"ම්ම්.. හ්ම්ම්... ඔය ඇටෑක් එකෙන් පස්සේ තමා ගවේෂ් අයියට මගේ රටින් පනින ප්ලෑන් එක මාට්ටු උනේ.. මොකද එයාට කේස් එකක් ආවා කියන්නේ අනිවා මටත් කේස් එකක් එනවා කියලා දන්නවනේ.. Big brain.. ඒ නිසා සැකේට තමා සැගා අයියලා එක්ක එකතු වෙලා මන් යන්නේ කොහෙද අරවද මේවද සේරම හොයලා තියෙන්නේ.. උන් ඔක්කොමලම රෙඩි වෙලා තියෙන්නේ මං රටින් පනිනකම් ඉදලා අල්ලගන්න... අනික දියානා ඔක්කොම කියලා දාලානේ.. අනික් එකා උබ!!!"

පවිරුවා මට රවලා කාර් එක වටේ ඇවිද ඇවිද වැටිලා තියෙන වීදුරු කෑලී අල්ල අල්ල බලනවා.. ඌ නිකන් තවිරු අයියා වගේ ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් කරනවා.. මම මොකාදෝ එකා වගේ බිම ඉදගෙන විදුරුවකින් ටයිල් එක පතුරු ගහනවා.. අපි දෙන්නා දැන් උදේ පාන්දර ගරාජ් එකට සෙට් වෙලා දුක් අදෝනා ගයනවා.. මේවා සුළුපටු දේවල්ද? මටනම් තාම කාර් එක දකිද්දි වේදනාවට වෙව්ලනවා වගේ..

"උබ මුලින්ම මේ ප්‍රශ්න ගැන කිව්වනම් මෙච්චර දෙයක් වෙන්නෑනේ.."

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now