Chapter 31

5.1K 749 87
                                    


"බැහැපං ඉතිං.."

"ම්ම් අහ්- ඔව් ඉන්න..."

"ඔය කොහෙන්ද යන්නේ.. බලාගෙන වැටෙයි මනුස්සයෝ.. බිව්වද තමුසේ..?"

මන් හිටියේ මෙලෝ සිහියකින් නෙවේ... ගෙදරට ඇවිල්ලා බයික් එක පාර්ක් කරනකම්වත් මන් දන්නෑ.. වැරැන්ඩා එකේ ලයිට්ස් දාල තිබ්බ නිසා ලොකු කරුවලක් තිබ්බේ නෑ.. ඒත් හැමදේම මට කරුවල වෙලා පේන්නේ..

පවිරුගේ සද්දෙට ගැස්සිලා වගේ මම සිහියට ඇවිත් හදිසියට බයික් එකෙන් බහින්න යද්දි වැටෙන්නත් ගියා.. තව පොඩ්ඩෙන් මල් පැල ගොඩේ... සිහියක් පතක් නැතුව වැරදි පැත්තෙන් බැහැපු නිසා මීනූ ආච්චිගේ කපුරු පැලයක් උඩම මන් කකුළ තියලා තියෙන්නේ.. දැක්කොත් කොසු පාරක් කන්න වෙනවා ෂුවර්..

"පිස්සු ද මන් බිව්වේ නෑ.."

"කෝ... ඔහොම හිටිපං බලන්න"

"ආස්ස්..."

මන් බිව්වද බලන්න උගේ තනි අතින් මගේ මූණ මිරිකලා ළගට අරන් නහය ලං කරලා බැලුවා.. කොච්චර තදට ඇල්ලුවද කිව්වොත් මගේ විදුරු මහට දත් අහුවෙලා තුවාලත් උනා.. ඒකනම් රිදුනා සැරටම..

"දැක්කද නෑනේ..!!!"

මන් උටත් කෑ ගහලා රවලා අඩියත් පොලේ ගහලා දොර ලගට ගිහින් ශූස් දෙකත් කකුල් දෙකෙන්ම පන්නලා මේස් දෙක පිටින් ගෙට ගියා.. ඒ යනකොට මීනූ ආච්චි ටීවි එක දාගෙන ලයිව් ඇට් එයිට් බලනගමන් තවිරු අයියගේ කොණ්ඩේ මසාජ් කරනවා.. මන් එහෙම්ම ගිහින් සෝෆා එකට පැන්නා.. ඔලුවත් එක්ක අවුල් වෙලා තියෙන්නේ..

"මොකෝ සුදු මහත්තයා මූණත් එක්ක රතු වෙලා මහන්සිද?"

මීනූ ආච්චි තෙල් බෝතලේ අතට අරන් ඒකෙන් පොඩ්ඩක් අතට දාගන්න ගමන් කණ්නාඩි දෙක අස්සෙන් මගේ මූණ දිහා බැලුවා.. ඒ අස්සේ මට එයාව දැකලා කාටුන් එක්කුත් මතක් උනා.. තවිරු අයියා හිටියේ මීනූ ආච්චිගේ කකුල් දෙක මැද්දට වෙලා බිම ඉදගෙන.. අයියත් ඔලුව ටිකක් පාත් කරලා ඇස් අඩවන් කරලා මන් දිහා බැලුවා..

"මහන්සි අනේ..."

මන් එහෙම්ම ඇඹරිලා සෝෆා එකේ දිගා උනා.. මට ඕනී දැන් බෝඩිමට යන්න.. මේ වෙලාවේ කවුරුත් නැති තැනකට වෙලා කල්පනා කරන්න.. ලොකු දෙයක් තියෙනවා මට කල්පනා කරන්න..

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now