Chapter 30

5.1K 755 181
                                    

"මොන්ගල්ද උබට.."

"මන් නෙවේ ඌ තමා පටන් ගත්තේ.."


"බබෙක්ද ඔහොම එල්ලි එල්ලි යන්න.. ඉන්න තැන ගැනවත් සිහියෙන් ඉන්නවා.. තෝව අල්ලන් මකවයි අරුන් මේක ඇතුලෙම"


"ඉතින් මන් මොනවා කරන්නද එයානේ අප්පා මුලින්ම-"



"පවිරු පෘථිවි.....!!!! ගායිස් එන්න ඇතුළට පොඩි ඩ්‍රින්ක් එකක් දාමූ..".


බැල්කනියට වෙලා කුටු කුටු ගගා පවිරු මට බනින කොට නිර්වාන් අයියා දෙයියෙක් වගේ මැද්දට වැඩලා ඇඩ් එකක් දාලා ගියා..

ඉස්සර වෙලා ගවේෂ් අයියා එක්ක කියවගන්නකොට එකපාරටම කරන්ට් ගියපු නිසා ටීවි එක ඔෆ් වෙලා මන් බෙරිහන් දීලා බනින එක හරි ලස්සනට හැමෝටම ශ්‍රවණය වෙලා තිබ්බා...එකත් මන් විතරක්ම කෑ ගහපු එක.. පෘථිවිගේ කොහොමත් වෙලාව හොදයිනේ.. පවිරුවා ඔක්කොම දමලා ගහලා ඇවිත් ගවේෂ් අයියා ඉස්සරහ මාව තියාගෙන මුගේ කට හොද නෑ අයියේ සමාවෙන්න කියලා මට අම්බානක බැනලා අර මනුස්සයා උපාසකයා වගේ අවුලක් නෑ මල්ලි ෂේප් කියලා අපි ඉන්න තැනින් ගියාට පස්සේත් මාව අල්ලන් බැල්කනියේ තියාන තව බනිනවා..

හැබැයි එතන කිසි කෙනෙක්ට මායී ගවේෂ් අයියයි මෙහෙම තැනක් නොතැනක් නැතුව එල්ලෙන එක අරුමයක් නම් නෙවේ.. ඒ නිසා මහලොකුවට දෙන්න අවදානයක් නෑ.. මොනවා නැතත් වස විලි ලැජ්ජාවක් උනේ..

කොහොමහරි නිර්වාන් අයියා කතා කරලා ගිය නිසා පවිරුවා ඇස් දෙකෙන් වරෙන් කියාගෙන ඇතුලට ගියා..


"අපි ඩ්‍රින්ක්ස් දාන්නේ නෑ අයියේ.. අයියලා ගන්න"


පවිරු එහෙම කියාගෙන එයාගේ පස්සෙන් ගිහින් සෝෆා එකේ හිටපු තැනම ඉදගත්තා.. මාත් ඌ ලගම ඉදගත්තා.. ඊට පස්සේ මට රවනවා දාගෙන ග්ලාස් ටේබල් එක උඩ තිබ්බ ලිකර් බොට්ල්ස් දෙක ඇස් දෙකෙන් පෙන්නලා.. මොකට රවනවද මන්දා.. මන් බොන්න ඕනි කිව්වේ නෑනේ.. මෙතන බීලා හා ගන්න ඕන්නෑ... ඊට වඩා හොදයි පාරේ ඉස්සරහා රෙද්දක් එලන් නිදියනවා...

මන් ඉදගන්නකොට ගවේෂ් අයියත් හරියට මගේ මූණ ඉස්සරට වෙන්න සෝෆා එකේ ඉදගෙන හිටියා.. ඉස්සල්ලා හිටියේ තිවාන් අයියනේ.. දැන් මුළු දර්ශන පථයම අවුල් සහගතයි.. මොනා කරන්නද... මන් සෝෆා එකට හේත්තු වෙලා වෝල් එකේ ගහලා තිබ්බ පේන්ටින් එකක් දිහා බලාගත්තා.. මටෝන්නෑ බොන්න....

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now