Chapter 70

4.7K 636 152
                                    

අපි දැන් ඉන්නේ ලංකාවෙන් ගොඩාක් දුර.. තව පැය කීපයකින් අපි ප්‍රංශේ.. Bonjour!!! කොල්ලා දැන් නිදහස්!!! නෑ!!! කොල්ලෝ දෙන්නම නිදහස්!!!

"බබා...."

"ම්ම්ම්....."

"මොකක්ද මේ උනේ? මට දැන් ඇත්ත කියන්න.. මට හැමදේම පැටලිලා තියෙන්නේ.. මේ ප්‍රශ්න නිසා මං ඩැඩා එක්කත් කතා කරේ නෑ.. මට එයාගේ මූණ බලන්න තරහයි.. මන් දන්නවා එයා මේ දේවල් වලට සම්බන්ධයි කියලා... ඒත් මොකක්ද ඇත්තටම ඔයාලා මගෙන් හංගන්නේ? අනික ඔයාට කොහෙන්ද ළමයෝ ගන් එකක්? මම හිතුවටත් වඩා ඔයා දරුණුයිනේ"

ගවේෂ් අයියා එක දිගට කටර් එක වගේ ප්‍රශ්න අහගෙන අහගෙන ගියා.. මට හිනත් ගියා.. ඊට පස්සේ මගේ අතින් අල්ලන් මගේ උරහිසට ඔලුව තියාගත්තා... මම හොද හුස්මක් අරන් වින්ඩෝ එකෙන් එලිය බලාගත්තා.. පේන්නේ වලාකුළු විතරයි..

තවත් මට මේවා හංගන් ඉදලා වැඩක් නෑ.. මේක තමා හැමදේම කියන්න හොදම වෙලාව.. පරණ කුණු ගොඩවල් අහස උඩදිම අතාරින්න පුළුවන්... අලුත් ජීවිතේකට යන්න කලින් ඒක කරන එක හොදයි..

"මම කියන්නම් ඒත් ඒක අහලා ඔයා මට වෛර කරන් නෑනේද?"

ගවේෂ් අයියා එක පාරටම ඔලුව උස්සලා මන් දිහා අමුතුවට බැලුවා.. මම එයාගේ නළලට ඇගිල්ලෙන් ඇනලා ආයෙත් උරහිසටම වට්ටගත්තා.. ඊට පස්සේ මං එයාගේ කොන්ඩේ අස්සෙන් අතදාලා ඔලුව අතගෑවා.. සනීපෙටද කොහෙදෝ එයා තවත් මට තුරුල් උනා..

"බබා මම කොහොමද ඔයාට වෛර කරන්නේ?"

"මේ හැමදේම උනේ මන් නිසානේ"

"එහෙම හිතන්න එපා.. දැන් හැමදේම ඉවරයිනේ"

එයා මගේ බෙල්ලෙන් හාද්දක් තිබ්බා.. අපි දෙන්නම දැන් ගොඩක් කම්ෆර්ටබල් සෝන් එක්ක ඉන්නේ.. මොකද කිසි ප්‍රශ්නයක් නැතුව අද ඉදලා අපිට පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්.. එක අතකට මට ගවේෂ් අයියා පව් කියලා හිතුනා.. මන් නිසා එදා ඉදලා කෑවෙම කටුනේ.. මම හදේ උපන් සෙනෙහසින් දැනෙන නොදැනෙන ගානට එයාගේ ඔලුව උඩින් හාද්දක් තියව්වා..

මට එක දෙයක් ගැන සතුටුයි.. මේ දේවල් ඉක්මන් උන එක හොදයි..

"එහෙනම් අහන් ඉන්න"

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now