ආරම්බය

4.1K 290 192
                                    

ගහගෙන යන මූදූ හුලගක් , ප්‍රේමයේ කතාව දවටන් එන තෙක් දෑස් වෙහෙසන් බලා සිටින්නවුන්ටද , එසේ දවටා ආ ප්‍රේමය තරයේ අල්ලා ගත් උන්ටද , ඒ ප්‍රේමය මග හැරී සෝ සුසුම් හෙලන්නවුන්ටද , පුද කරමි 🌖🌈️

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වන අතර , කිසිදු ඓතිහාසික සිදුවීමකට සම්බන්ධයක් නොමැති වග කරුණාවෙන් සලකන්න

_________

"එපා... එපා... මයෙ මහත්තයාව අත අරින්න.. ඔහෙලව අත් අරින්නේ නෑ මම. මයෙ මහත්තයාට යන්න අරින්න.... මයෙ මහත්තයාගෙ වැරුද්දක් නැහැ. ඔහෙලගෙ ඔය මහලොකු නිළමේ ඇත්තොයි වැරැද්ද කරලා කොලේ වහ ගන්න තනන්නෙ.. අත අරින්න මයෙ මහත්තයාව"

"පලයන් යන්න!!!"

"ආහ්..."

"මනෝහර!!!!!"



" හැමකල් ජොලියෙන්ම ඉන්නෙ සිංගල් දරුවෝ
ඉල්ලන් අපි කන්නෙ මොකට ආතල් ළමයෝ
කොහෙද ඉන්නෙ ඇයි ඔන්ලයින්
මැසේජ් එකට කෝ රිප්ලයි?
කොහෙද යන්නෙ කාත් එක්ක
ආලේ ප්‍රශ්න පත්කරයි "

තමන්ගෙ පෞද්ගලික සේවකයා මංජුල , ආදරේටද නැත්තං ලේසි වෙන්නද මන්දා කිව්වේ මංජු ; කඩාගෙන කාමරේ ඇතුලට එනකොට ජනේලෙන් එලිය බලාගෙන ඩයරිය කුරුටු ගගා ඉඳිද්දී නින්දට වැටුනු, ජනප්‍රිය ගායක සෙනේෂ් දේවක ගැස්සිලා ඔලුව උස්සලා බැලුවේ දාඩිය පෙරාගෙන.

"සර්.... ටී ඕ' කෝෆී"

මංජු විරිත්තලා අහනකොට සෙනේෂ් ඔලුවෙ අත ගහ ගත්තා.

" මොන මගුලයක් ද අයිසේ. වැස්සක් අහල පහලකවත් නෑ. මූදු හුලගෙ රස්නෙ උහුලන්න බෑ. ඒසී එක හරියට වැඩ කරන්නෙ නැහැ. මේ රස්නේ උඹ තේ පොවලා මාව තම්බලා මරන්නද හදන්නේ? පලයන් යන්න "

සෙනේෂ් බෙරිහන් දෙනකොට මංජු පසු බැස්සේ 'ප්‍රතිවාදී මකරා දරුණුයි. පාබල හමුදාව පසු බසින්න' කියලා තමන්ටම කියා ගන්න ගමන්. අවාසානාවකට වගේ මංජු කියපු දේ ඇහුනු සෙනේෂ් මුවින් නොබැන රවා ගත්තා.

"සර්ට නින්ද ගියාද? අලුතෙන් ලිරික්ස් ලියනවාද සර්"

නොසැලුනු මංජු විරිත්තනකොට සෙනේෂ් දඩස් ගාලා ඩයරිය වහලා දාලා රවාගෙන ඇස් දෙක පියා ගත්තාම මංජු සෙනේෂ් ගාවටම ඇවිල්ලා විදුරු ජනේලෙ ඉස්සුවාම පිරිසිදු මුහුදු හුලගෙ සුවඳ සෙනේෂ්ගෙ නාස් පුඩු වලට දැනෙනකොට , අවුරුදු විසි පහක ජීවිත කාලෙ පුරාවට හැමදාමත් වගේ සෙනේෂ්ගෙ පපුව අස්සෙන් අමුතුම සතුටක් එක්ක, පපුව පිරිලා ගියපු බරක් සෙනේෂ්ට දැනුනා.

_මනෝහර_Where stories live. Discover now