69 : වත්සල

720 135 88
                                    

කමෙන්ට් ගෝල් 50

// 69 වෙනි චැපිය අනේ...
මොකද මොකද?
ඊළග එක හැත්තෑව කියලා කීවේ හ්ම්

_________

වත්සලට සිහිය ආවා කියන ආරංචිය හවස් යාමේ ආවම මනෝහර වන්දීත් එක්කලා වත්සලව බලන්න රජයේ රෝහලට දුවන් ගියා ඔන්ඩ. ඒකාට බරපත තුවාල වගේම සැත්කමක් කරන්න ඕනෙ උනු නිසා ඒකාගෙ ගෙදර උන්දැලාට ඒකාව පෞද්ගලික රෝහලකට ඇතුලු කරන්න බැරි වෙච්චි කොට ඒකාව රජයේ ඉස්පිරිතාලේම තිවුවා. මනෝහර ඒකාගෙ යාලුවා වන්දීත් එක්කලා එහෙ යනකොට වත්සලව ට්‍රොලියක දාගෙන තල්ලු කරගෙන ඇම්බියුලන්ස් එකක් පැත්තට ගෙනියනකොට වාසනාවට වගේ මනෝහරට ඒකාව මුලිච්චි උනා.

" වත්සල අයියණ්ඩිව කොහෙද ඇන්න යන්නේ මයෙ වන්දීත් යාලු...?"

මනෝහර පුදුමෙන් අහනකොට වන්දීත් අනුමාන කලා.

"කොලඹ මහ රෝහලට මාරු කරනවා වෙන්න ඇති මනෝහර යාලුවේ ... අයියට සිහිය ඇවිල්ලා කියලා නෙ කීවේ. ළඟට ගියොත් මූණ බලන්න පුලුවන් වෙයි"

වන්දීත් කියනකොට මනෝහර ඔලුව වැනුවා. ඒකාට තමන්ගෙ මහත්තයා වෙනුවෙන් ජීවිතෙ කැප කරපු මනුස්සයා ගාව දණ නමන්න උනත් දෙපාරක් හිතන්න උවමනාවක් නැති කොට දොස්තරලාවත් පෙරලගෙන ඒකා කඩාගෙන පැන්නෙ වත්සල හිටපු දිහාට.

"අයියණ්ඩී!! අයියණ්ඩී!! වත්සල අයියණ්ඩියේ....."

මනෝහර කෑ ගහගෙන වත්සල ගාවට යනකොට ඒකාගෙ මූණට ඔක්සිජන් මාස්ක් එකක් දාලා තිවුනෙ. එහෙන් සේලයින් එකකුත් ඒකාට ගහලා. ඒකා මනෝහරගෙ කටහඬට යන්තම් ඔලුව උස්සනකොට මනෝහර ඒකා ගාවට දුවන් ආවා. වත්සල හිනා වෙන්න උත්සාහ කරන ගමන් මනෝහර ගෙ අතින් අල්ලා ගත්තෙ මූණට දාපු ඔක්ස්ජන් මාස්ක් එක ගලවලා දාන ගමන්.

"අයියණ්ඩී... මේක දා ගන්..."

මනෝහර කියන්න තැනුවෙ එහා පැත්තෙ ඉඳගෙන වත්සලගෙ අම්මා අප්පා වෙන්ඩ පුලුවන් ඇත්තො දෙන්නා ඒකාට දාගෙන රවනවා දැක්ක නිසා. මනෝහරට හරි වරදකාරී හැඟීමක් දැනුණේ ඒකලා නිසා වත්සල තුවාල වෙච්චි විත්තිය මතක් වෙනකොට. වත්සල මනෝහර දිහා බලාගෙන ඇස් වල කදුලු පුරෝ ගත්තේ ඒකාගෙ ඔක්සිජන් මාස්ක් එක මොනවදෝ ඉංගිරීසියෙන් කියෝගෙන දාන්න හදන නර්ස් නෝනාව වලක්වන ගමන්.

_මනෝහර_  (completed) Where stories live. Discover now