71 : කාදල්

703 136 78
                                    

කමෙන්ට් ගෝල් 50

සෙනේෂ් වීදුරු ජනේලෙ අස්සෙන් වත්ත දිහා බලාන උන්නෙ. සෙනේෂ් ගෙදර පාත් වෙච්චි නිසා ගෙදර වෙනම යුද්ධයක් ඇවිලිලා තියෙනකොට මංජුයි ලතා අක්කණ්ඩියයි එකතු වෙලා සෙනේෂ්ව බිම දාගෙන බදාන සිප ගත්ත වෙලාවේ ඉඳන් ඒකා උන් දෙන්නා දැක්කාම සමූහ දූෂණේට ලක්වෙච්චි ලමිස්සියක් ගානට හැසිරෙන්න ගත්තා.

ලෙඩා ලෙඩා කියලා බලන්නෙ නැතිව ලතා අක්කණ්ඩි කුස්සියට වෙලා සෙනේෂ්ටයි මනෝහරටයි කෑම හද හදා ගිල්ලන ගමන් උන් දෙන්නා නිසා තමන් ඉහිලුව වේදනාව ගැන හූමිටි තියන්න ගත්තේ උන් දෙන්නාගෙ කන් දෙක පිරිලා ඉතිරිලා යන තරමටම. ඒකි කරපු සාප වල හැටියට කොච්චර දුදනා උනත් සම්නායක ඇමතියායි නතාලියායි ගැන සෙනේෂ්ට අනුකම්පාවක් නොදැනුනා නොවේ... හැමෝගෙම හිතෙ තිවුනෙ මනෝහරව උස්සගෙන ගියේ සෙනේෂ්ව අල්ලා ගන්න නිසා කියලා නිසා , සෙනේෂ් කලේ ඒවාට පෝර දාලා පෝෂණය කරපු එක. ඒකලාට මනෝහර කිඳුරෙක් විත්තිය කියන්න බැරිවානෙ. අහර්ශට පහු වෙලා කීනවා කියලා සෙනේෂ් හිතාන උන්නත් ලතා අක්කණ්ඩි ලාට නොකියා ඉන්නවාය කියන මතෙ සෙනේෂ් උන්නෙ. ඇරත් මනෝහර ට අනුව දැනටම වත්සල දන්නවා...

ඒ අතරවාරයේදී සෙනේෂ් වත්සලව බලන්නත් කොලඹ මහ රෝහලට මනෝහර එක්ක ලා ගියත් , ඒකාට ආයෙම සිහි නැති වෙච්චි විත්තිය ආරංචි උනාම සෙනේෂ් කණගාටු උනා. ඕනෙම දෙයක් තමන්ට කියන්ඩ කියලා වත්සලගෙ පවුලෙ උදවියටත් සෙනේෂ් කියලා මනෝහරත් එක්ක ගෙදර ආවේ හිතේ වේදනාවෙන්. ඒත් දොස්තරලා නම් කියන්නෙ සැත්කමත් සාර්ථකයි වගේම වැඩි දුර ප්‍රතිකාරත් හොඳින් කෙරීගෙන යන නිසා වත්සල ගැන බය වෙන්න එපාය කියලා. අභ්‍යන්තර අවයව වලටත් හානියක් නැති විත්තිය නේ ඔය කියන්නේ. ඒ නිසා සෙනේෂ්ට සැනසීමක් දැනෙන්න ගත්තා.

"මයේ මහත්තයා.... මක්කැයි මේ කරන්නේ...?"

සෙනේෂ් ජනේලෙන් එලිය බලාන ඉන්නවා දැක්ක මනෝහර ලතා අක්කණ්ඩී දීපු විස්කෝතුවක් ගිලලා එන ගමන් සෙනේෂ් ගෙ පපුවට ඇවිල්ලා තුරුලු උනාම සෙනේෂ් ඒකාව පපුවට තුරුලු කරගෙන නළල මැදට හාදුවක් තිවුවාම මනෝහර කෝල හිනාවක් පාලා බිම බලා ගත්තා.


_මනෝහර_  (completed) Where stories live. Discover now