74: ඔබ එය කලා!!

686 122 59
                                    

කමෙන්ට් ගෝල් 50

මනෝහර කූර ගහපු හීත පැණි කූරක් එහෙමත් නැත්තම් සෙනේෂ්ගෙ භාෂාවෙන් දෙඩුවොත් අයිස් පලමක් කන ගමන් උන්නෙ. රෝස පාට අයිස් පලම හීතලේ කටේ පුරෝගෙන කන ගමන් ඇඳ උඩ ඉඳගෙන කලු පාට පතුර දිහා බලාන ධාන්‍යය වඩන ඒකලාගෙ මහත්තයා දිහා මනෝහර බලනකොට කලු පාට පතුරේ ධ්‍යාන්‍යය බිඳ ගත්ත සෙනේෂ් කොලූ මනෝහර දිහා බලලා හිනා වෙච්චි.

"මගෙ මනෝහර? එනවාද ලං වෙන්න?"

සෙනේෂ් ඔය අරාදින්නෙ මනෝහරව ඒකාගෙ උකුලට ගන්න විත්තිය මනෝහර දන්නවා. දැන ගත්තාට මොකො... මනෝහරට ඒ ගැන අමනාපයක් තියන එකක් යෑ. ඒකලා උඩින්ම මනාපයි ඔන්ඩ සෙනේෂ්ගෙ උකුලට පනින්න. ඒකා හිනා වෙලා වේගයෙන් ඔලුව වනලා පැන්නෙ ඒකලාගෙ මහත්තයාගෙ උකුලට. සෙනේෂ් ගෙ අත් දෙක මනෝහර ගෙ හීනි ඉඟ වටේ එතෙන කොට මනෝහර හරිබරි ගැහිලා සෙනේෂ් ගෙ උකුල මත්තෙ වාඩි වෙච්චි.

"මයේ මහත්තයෝ... මේ හීත කූරෙන් ඩිංගක් කන්ඩ මයෙ මහත්තයාත් මනාපද? මනෝහරගෙ නම් රස නාර පිනා ගියා ඕන්"

මනෝහර කියවනවා. ඒකාට මතක් උනෙ ඒකා මුලින්ම මනුස්ස ලෝකෙට පය තීලා ගිල්ල අග්ගලාව. දශක ගානකට කලින් ගිල්ල අග්ගලාවේ රසේ මනෝහර ගෙ හිතේ තාම පැලපදියම් වෙලා තීනකොට ඒකා හැම මොහොතකම කල්පනා කලේ මනුස්ස ලෝකෙ කෑම බීම මෙච්චරකට රස නාර පිනා දාන්නෙ කොහොම ඉලව්වක් කරලාද විත්තිය.. කල්පනාවට වැටිලා උන්නු මනෝහර සිහියට ආවේ සෙනේෂ් මනෝහර ගෙ හීතලෙන් හීත උන කම්මුල් ඒකාගෙ උණු අතකින් පිරි මදිනකොට.

"මයෙ මහත්තයා ඩිංගිත්තක් රහ බලන්ඩකෝ ඔන්ඩ"

මනෝහර සෙනේෂ් ට අයිස් කිරම දික් කරාන කියනකොට සෙනේෂ් මනෝහර ගෙ අතින් අල්ලලා අයිස් කිරමෙ මනෝහර ගෙ තොල් දෙකට ලං කලා.

"මයෙ මහත්තයා ඩිංගක්...."

"මම කන්නම්. මනෝහර කටක් කන්නකො"

සෙනේෂ් මුමුණන කොට සෙනේෂ් ගෙ යටි අරමුණේ හාංකවින්සියක් වත් නොදන්න මනෝහර හිම කිරමේ තොල් වලින් කඩාන ගන්නකොට සෙනේෂ් අසුරු ක්ෂණයෙන් මනෝහර ගෙ හීත ගැහුනු තොල් අල්ලා ගන්නකොට මනෝහර ගෙ ඇස් ලොකු උනා. අයිස් කිරමේ හීතලයි පැණි රසයි එකතු උන මනෝහර ගෙ රෝස දෙතොල් මත්තෙන් අයිස් කිරමේ පැණි රස විදිනකොට සෙනේෂ් මනෝහර ගෙ බඩ ඇතුලට සමනල්ලු රිංගලා බඩ පිනුම් ගහන්ඩ ගත්තා. තප්පර කීපයක රස වින්දනයෙන් ඈත් වෙච්චි සෙනේෂ් මනෝහරට ආයෙම අයිස් කිරම ලං කරනකොට මනෝහර සෙනේෂ් දිහා පුදුමෙන් බැලුවා. ඒකාට මේ රොමෑන්ටික් කෙරුවාව තේරෙන එකක් යෑ.

_මනෝහර_  (completed) Where stories live. Discover now