22 : පෑලියාව

1.1K 260 133
                                    

කමෙන්ට් ගෝල් 50 /: පන්වන්න හොදෙ ❤️

දානෙ වැඩ කටයුතු ඉවර උනේ පාන්දර ජාමෙ වෙනකොට. සෙනේෂ් සේරම වැඩ අහවර කරලා , සුද්ද පවිත්‍ර කරලා ගෙදරට ගිහින් ඩිංගිත්තක් බුදියගෙන නැගිටිද්දී දවාලේ එකොලහ පහු වෙලා තිවුනා. නැගිටිච්ච ගමන් මේකා ගියේ මනෝහර කෝ කියලා බලන්න. විනාඩි කීපයක් එහෙ මෙහෙ ඇවිදලා මේකා නැතිය කියලා තේරනාම සෙනේෂ් අහර්ශව හොයන්න ගත්තා. ඒ ගමන ඒකත් කොහෙද අතුරුදහන් වෙලා.

"මුන් නිදා ගන්නෙ නැතිව මොන දීපෙක ගිහිල්ලාද මන්දා? කෝ අර මංජු පුතා. ඕයි මංජු!!"

කෑ ගහගෙන සෙනේෂ් වැදුනෙ මංජු ගෙ කාමරේට. මේකා නම් වාතය පිට කර කර කෙල පෙරාණ ඇඳෙ දපලා ඉන්නවා. සෙනේෂ් මංජුට ඉල ඇටයකට ඇන්නාම මංජු උඩ ගීන් ඇහැරුනා.

"අපගෙ ස්වර්ග රාජ්‍යයට පැමිණ අපව නැති කිරීමට හදන දුෂ්ටයිනි!!"

"යකො මම සෙනේෂ්"

මංජු කෑ ගහාන තර්ජනය කරනකොට සෙනේෂ් තරහෙන් කීවම මංජු ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙලා ඇඳ ඉඳගෙන බොල්ලෑ කට විරිත්තලා හිනාවක් පෑවා.

"සෙනේෂ් සර්?"

නැගිට්ටුවට හිතින් සාප කර කර මංජු මුමුණනකොට සෙනේෂ් රවාන බලාගෙන උන්නා.

"කෝ මනෝහර..?"

"අන්න අහර්ශ සර් එක්ක වැල්ලෙ ඇවිදින්න කියලා ගියා...."

මංජු උත්තර දෙනකොට සෙනේෂ් ගෙ හිත පෑලියාවෙන් පිරුණා. තමන්ට කතා නොකර අහර්ශ එක්ක වැල්ලෙ ගියපු එකට නම් මනාපයක් සෙනේෂ් ගෙ හිතෙ ඇති උනේ නැහැ. අහර්ශ යන්න ඇත්තෙ වැල්ලෙ බිකිණි ගහගෙන ඉන්න සුද්දියො බලන්න වෙන්න ඕනෙ කියලා සෙනේෂ් හොඳ හැටි දන්නවා. ඒ නිසා ඒ යකා මනෝහර එක්ක කැමැත්තෙන්ම ගාටන්න ඇති.

'ඒත් මනෝහර ට යුතුකමක් තිබ්බා මාවත් එක්කගෙන යන්න.'

තමන්ටම තරහෙන් කියා ගත්ත සෙනේෂ් දොර දඩාස් ගාලා වහගෙන එතනින් යනකොට සෙනේෂ් යන දිහාව මංජු රවාන බලාගෙන හිටියා.

"ධනවාදීන්ගෙ පාලනය තිත්ත වෙලා මට!! ධනවාදින් හිතෙන හිතෙන වෙලාවට පීඩිත පන්තියව නින්දෙන් අවධි කරවනවා"

_මනෝහර_  (completed) Where stories live. Discover now