17: මතක අමතක

1.2K 280 67
                                    

කමෙන්ට් ගෝල් 50

සිරි සුන්දරරාම විහාරෙට පා තියෙනකොටම මනෝහරට දැණුනෙ හුරුපුරුදු හැඟීමක්. මූදුබඩ හුළඟ කපාන එන ලුණු සුවඳ කවදා කොහොම නමුත් මනෝහරගෙ ආත්මේ සනහනවා. ඒත් මේ වතාවේ මනෝහරට දැනුන හැඟීම මනෝහරට වචනයට පෙරළන්න මනෝහර දැනන් උන්නෙ නැහැ. පන්සලක් කොහොමත් ශාන්ත හිත නිවන භාවනාවක්. ඒ අධ්‍යාත්මික ලෝකයෙන් එහා ගිය බැඳීමක් මනෝහර ට මේ පන්සල ඉස්සරහ හිටන් ඉද්දී දැනෙන්න ගන්නකොට මනෝහර සෙනේෂ් ගෙ අතින් අල්ලා ගත්තා.

සෙනේෂ් එක් වරම ගැස්සිලා ගියත් මනෝහරට තමන්ව අල්ලගෙන ඉන්ඩ ඉඩ දීලා තමන් එනකම් බලාන උන්නු ලොකු හාමුදුරුවො මුලිච්චි වෙන්න ආවාස ගේ පැත්තට යන්න ඒකා සැරසුනේ. ඒත් ආවාස ගේට අඩිය තියන්ඩ සෙනේෂ්ට උවමනා උනෙ නැත්තේ ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරුවෝ තුන් නමක් එක්කරලා බුදු කුටියෙන් එලියට වඩිනකොට. ලොකු හාමුදුරුවෝ දැක්ක සැනෙන් මනෝහර ගෙ කට පහලටම ඇරිච්චි.

ඒකා දැක්ක කාලෙට වඩා පන්සල දියුණු වෙලා තිබ්බ එක ඇත්තක්. පෘතුගීසී , ලන්දේසී , ඉංශ්‍රීසි උන්නු කල පහු කරලා විසි එක්වන සියවසටම කාල චක්කරේ කැරකෙනකොට කොච්චර පෞරාණික ආරමයක උනත් වෙනස්කම් නොවී තියෙයිද? ඒත් මනෝහර දැන උන්නු ලොකු හාමුදුරුවො එහෙමම තමන් ඉස්සරහ හිටගෙන ඉන්නකොට වෙනම පැහැදිලි කිරීම් මොටද? මේ තියෙන්නෙ මනෝහර ගෙ හොදම යාලු වෙච්චි පොඩි හාමුදුරුවන් වහන්සෙ වැඩ උන්නු පන්සල් වත්තමයි. මනෝහර සෙනේෂ් ව අතෑරලා ලොකු හාමුදුරුවො ගාවට කඩාගෙන දුවනකොට මනෝහර ගෙන් එහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවුණු සෙනේෂ් අන්ද මන්ද උනා.

"ලොකු හාමුදුරුවනේ... මේ ඇත්තන්ව මතකැයි? අමතක නොවී කෝමැයි? ගස් උඩ නැගලා ලොකු හාමුදුරුවො ක් වතාවක් දං කෝට්ටක් කඩාන මේ ඇත්තන්ට තරවටු කලාද? ලොකු හාමුදුරුවනේ ක් මනෝහර ගෙ යාලු? කෝ අපේ පොඩි හාමුදුරුවෝ..."

මනෝහර ලොකු හාමුදුරුවන්ට යන්තමට දණ ගහලා වැඳලා කියෝන කියෝන යනකොට ලොකු හාමුදුරුවො මුලින්ම කල්පනා කලේ මේකා කතා කරන භාෂාවේ වැරැද්ද මොකක්ද කියලා. ඩිංගිත්තක් වෙලාව පරක්කු වෙනකොට මේකා කතා කරන්නෙ ග්‍රාමීය සිංහල භාෂාව කියලා ලොකු හාමුදුරුවන්ට තේරෙන්න ගත්තා.

_මනෝහර_  (completed) Where stories live. Discover now