27 : බර පොට්ටනි කොල්ලා

1.4K 301 93
                                    

කමෙන්ට් ගෝල් 50

සෙනේෂ් නැගිටිනකොට ඇඳ ගාවින් තිවුන මුතු ඇටේ දැකලා ගල් ගැහුනා. ඒකා කොහෙ දැන ගන්නද මේ මුතු ඇටේ එකාගෙ මහත්තයා වෙනුවෙන් මනෝහර එතැනින් ගෙනල්ලා තිවුව විත්තිය.

' මයෙ මහත්තයා ඒ තරමටම ඒවාට කැමති නම්.... '

කඳුලු පාලනේ කරගෙන එතැනින් මනෝහර තිව්ව මුතු ඇටේ ඇහැ ගැටුණු ක්ෂණයෙන් සෙනේෂ් ඒක අතට අරගත්තා. ඒකාගෙ නළල රැලි වැටුනා. ආයෙමත්?


"ආස්රූ? ඒත් කොහොමද?"

සෙනේෂ් තමන්ටම කියාගෙන ඒ මුතු ඇටය අතට තද කරගෙන ඒ දිහා බලාන උන්නා. ටිකක් වෙලා කල්පනාවට වැටුනු මේකා ඔරලෝසුව දිහා බලනකොට වෙලාව උදේ අටත් පහු වෙලා ගොහින්. රෑ වෙච්චි සිද්දියයි මේ දැන් වෙච්චි අමුතු සිදුවීමයි මහචාර්ය සමුද්ධ ට කියන්ඩ ඕනෙය කියලා හිතාන ඇඳෙන් බිමට කකුල තියද්දීම සෙනේෂ් ගෙ දෙපතුලට බර පොට්ටනියක් පෑගුනා. එක වරම ගැස්සිලා ගියපු සෙනේෂ් පැත්තකට පැන්නාම මෙන්න මෙතන බිම දපලා උන්නෙ මනෝහර!!


"ඒයි මනෝහර? පිස්සු සමයම? බර පොට්ටනි කොල්ලා!! තමුසෙ රෑ පහන් වෙනකම් මෙතන උන්නා ද? මනෝහර"

ගුලි වෙලා ඇඳගෙන ගියපු ඇඳුම් පිටින්ම නිදාගෙන උන්නු මනෝහර ගාව සෙනේෂ් දණ ගැහුවේ ආස්රූ මුතු ඇටය ඇඳ උඩින් තියලා. මනෝහරගෙන් සද්දයක් නෑය කියලා තේරුනාම සෙනේෂ් මනෝහරව අත් දෙකෙන් යාන්තමට ඉස්සුවා.




"මනෝහර... නැගිටිනවා... මොකද වෙලා තියෙන්නෙ ඒ ගමන? මොන නාඩගමක් නටන්නද උඹ ඔය ලෑස්ති වෙන්නෙ!?"

සෙනේෂ් මනෝහර ගෙ කම්මුලට ලාවට අත තිවුවෙ මනෝහරව නැගිට්ටවන්ඩ උනාට ඒකාගෙ කම්මුල් දෙක ගිනි ගන්නා වගේ රස්නෙයි කියලා සෙනේෂ්ට තේරුනා. කලබල වෙච්චි සෙනේෂ් මනෝහර ගෙ නළලට අත තිබ්බා.


"ගිනි කබලක් වගේ මේ මනුස්සයා ගෙ ඇඟ. මනෝහර... මනෝහර ඇස් ඇරලා මොනවා හරි කියනවා මාව බය නොකර!!"

සෙනේෂ් තරහෙන් වගේම හිත් වේදනාවෙන් කෑ ගහනකොට දොර ඇරෙන සද්දෙ සෙනේෂ්ට ඇහුනා. සෙනේෂ් දැක්කෙ දොරෙන් එබිලා බලාන ඉන්න වෙරි මරගාතෙ තාම ඉස්මුදුනෙන් අහක් නොවිච්චි අහර්ශ.

_මනෝහර_  (completed) Where stories live. Discover now