34 : උඹ? කිඳුරෙක්?

1.1K 239 146
                                    

කමෙන්ට් ගෝල් 50

* ඇත්ත කියන්න චැප් එකෙ නම දැක්කාම ඔය ඇත්තන්ගෙ පපු කැව්තට මක්කක් හරි උනා නේද ඕන් 😁

_____

" හරි අයියේ. ඔව් අයියේ මම පරිස්සමට ගෙදරට ආවා. අයියා දන්නවාද මම ගොඩ කාලෙකින් මිරිස්සෙ ගියේ. මගෙ අම්මා තාත්තා හිටපු කාලෙ මම හිටියෙ මිරිස්සෙනෙ. අයියට පිං"

වන්දීත්ගෙ කටහඬ සෙනේෂ් ට එහා පැත්තෙන් ඇහෙනවා. ෂෝ එකෙ වැඩත් ලඟටම මුලිච්චි වෙන්ඩ පාත් වෙන නිසා තවත් මිරිස්සෙ ඉන්න බැරි විත්තිය සෙනේෂ්ට තේරෙනකොට ආයෙමත් දවසක එක්ක යන්නම් කියලා පොරොන්දුව උඩ මනෝහරවයි ඒකගෙ යාලුවාවයි සෙනේෂ් අමාරුවෙන් පහුවදා හවස කොලඹ ගෙනාවා.

පලඳනාවේ කාල නිර්ණය අහවර උනාම මහචාර්ය සමුද්ධව හම්බ වෙන්නම් කියලා මහචාර්යවරයාටත් සමු දීලා රෑ එලි වෙනකොට සෙනේෂ් කොලඹට පා තිවුවා. එදා රෑම වන්දීත්වත් ගෙදරට ඇරලෝගෙන කාර් එකෙම ගුලි ගැහිලා නිදාන උන්නු මනෝහරවත් උස්සගෙන මේකා ගෙදරට ආවේ මහන්සියෙන්. දවල් නැගිටලා සෙනේෂ් කලෙ වන්දීත්ට කෝල් එකක් දුන්න එක.

" මල්ලි එහෙද ගෙවල් තිබුනෙ. මම දැනන් හිටියෙ නෑනෙ. නෑදෑයො එහෙමත් ඉන්න ඇති ඒ පැත්තෙ. කීවනම් යන්න තිබ්බනෙ"

සෙනේෂ් කිව්වෙ පුදුමෙයට පත් වෙලා. වන්දීත් යන්තමට හිනා වෙනවා සෙනේෂ්ට එහා පැත්තෙන් ඇහුනා. හිනා උන විදියට ඒ හැටි සමීප උන් ටිකක් වන්දීත්ට නැතිව ඇති කියලා සෙනේෂ්ට හිතෙනකොට සෙනේෂ් හිත පාරගෙන ගියේ ඒ හැඟීම , ඒකත් ඒ හැඟීමේ වේදනාව දන්න නිසා.

"ම්. එහෙමටම නෑ අයියේ"

වන්දීත් කීවෙ සෙනේෂ් හිතුව දේ සනාථ කරන ගමන්. වන්දීත් එක්ක සෙනේෂ්ට මොන ඉලව් තරහ තිබ්බත් මේකා ගැන සෙනේෂ්ට වෙලාවකට කණගාටු හිතුනා. අම්මා තාත්තා නැති වෙන එකෙ වේදනාව සෙනේෂ් දන්නවා. ඒකගෙ නැන්දා තියලා ඉන්න ගෑණි උනත් වන්දීත්ට ඒ හැටි සලකන්නෙ නැති විත්තිය සෙනේෂ්ට තේරිලා ඉවරයි.

' ඒත් එහෙමෙයි කියලා මනෝහර ගෙ අස්සෙ රිංගන්න ඕනෙ නැහැනෙ. නැද්ද මම අහන්නෙ '

_මනෝහර_  (completed) Where stories live. Discover now