special chap //~ eternal ~

882 121 56
                                    

Warning ⚠️ / 18+ content

Manohara pov

වැස්ස සර සර ගාලා වැටෙනවාය ඔන්ඩ. හීතලත් යාන්තමට මෝදු වෙන්ඩ වගේ. මනෝහර කණ්ඩියට වෙලා ඈත බලාන උන්නා. මයැයිගෙ මහත්තයාගෙ අත ගත්තායින් පස්සෙ මයෙ මහත්තයා කීවෙ මෙයැයි මහත්තයාගෙ නමටම සින්නක්කර ලිය වුනාය කියලා ඔන්ඩ. මනෝහර ට අර මක්කද වැටහෙන්නෙ නැතුවාලු ඔන්ඩ. ඒත් මනෝහර හරි මනාපයි ඕන් ඒ වචනයටත්. සින්නක්කර අයිතිය එයැයිගෙ මහත්තයා නමට. මනෝහර ඒකාගෙ මහත්තයාගෙමලු ඔන්ඩ.

මෙයැයිගෙ මහත්තයා මනෝහරව එක්කරගෙන ආවේ මොකක්දෝ හීතල නගරයකටලු.  ඔන්ඩ. වෙනසකටත් එක්ක ලා කියලා කීවේ ඔන්ඩ. මූද වගේ නෙවෙලු ඔන්ඩ හීතල දරා ගන්ඩ බැරුවා. ඒ අස්සෙන් පොද වැස්ස. ඒත් මේ ඉසව්ව ලස්සනේ බැරුවා. මල් පිපිලා , කුරුලු පොඩිත්තන් කුචි බිචි ගානවා.  අහර්ශ මලයන්ඩි කීවේ නම්.... මක්කද මනෝහර ට නම මතක නැතිවා. සිංහලෙන් කීවේ නම් මනෝහර මෙයැයිගෙ මහත්තයා එක්කලා පැණි හදේ? ඒ මක්කද? ඉංගිරීසි කෙරුවාව නම් මනෝහර ට කවදත් බෑ නොවැ. මේකාට ඒ ඉලව්ව තේරුනෙ නැතුවාය ඔන්ඩ. පැණි හඳේ? ඒත් මනෝහර රෑට පායන හඳ ඇර තවම හඳක් නම් දැක්කෙ නැතිවා. ඇරත් පැණි? මෙහෙට කොයින්ද පැණි? මලයන්ඩි මක්ක දොඩෝනවාද මන්දා.

" මගේ මනෝහර ?"

" මයෙ මහත්තයෝ...? මයෙ මහත්තයා නැගිට්ටාද?"

මයෙ මහත්තයා ගෙ කටහඬ. මනෝහර නිරායසායෙන්ම හුරුපුරුදු හඬ හඳුනා ගත්තාය ඔන්ඩ. මයෙ මහත්තයා නින්දට ගොහින් නිසා මනෝහර කම්මැලිකමේනෙ උන්නෙ. මෙයැයිව තුරුලු කරගෙන මෙයැයිගෙ මහත්තයා සින්දු කිය කියාම නින්දට ගියා. මනෝහරට ඩිංගක් ඇහැ පිය වුනාට මනෝහර ආයෙම අවධි උනානෙ. මයෙ මහත්තයා ට මහන්සි ඇතුවා. අර පීප් පීප් යකා මට්ටු කරාන , හත් ගව්වක් දුර ගෙවාගෙන මේ හීතල ප්‍රදේශයට ආව නිසා.  මනෝහර උන්නෙ මෙයැයිගෙ මහත්තයා ගෙ ගී හඬ සිහි කරන ගමන්. මනෝහරටත් ඩිංගක් කටපාඩම් ඔන්ඩ.

ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ
හැබැහින් පෙම් බැන්දෝ
සසරේ එක් වූවෝ.....

මනෝහර ට දැනුනා මෙයැයිගෙ මහත්තයා මෙයැයිගෙ ඉඟ වටේ අත් පටලෝගෙන මෙයැයිව වැලඳ ගන්නවා. මනෝහර ට ලැජ්ජාවක් නොදැනුනාම නොවෙයි. හැරිලා බලපු මෙයැයි දැක්කේ මෙයැයි දිහා බලාන ඉන්න මෙයැයිගෙ මහත්තයාව. මයෙ මහත්තයාට අද අමුතුම පෙනුමක් ඇවිල්ලා. නිරුවත් උඩුකය නිසාද මන්දා මනෝහරගෙ හිත කීරි ගැහෙන හිරියක් එක්කලා , මයැයිගෙ බඩ මොකක්දො අඩව්වක් අල්ලනවාය වාගේ මනෝහර තේරෙනකොට මනෝහර මයැයිගෙ මහත්තයාගෙ පපුව මත්තෙ ඉහ තියා ගත්තා.

_මනෝහර_  (completed) Where stories live. Discover now