67 : මල්ලී!!

683 149 80
                                    

කමෙන්ට් ගෝල් 50

"ඔය කොල්ලාව මට දීලා තමුසෙ පැත්තකට වෙයන් පොඩි කොල්ලෝ....."

සම්නායක සෙනේෂ්ට තුවක්කුව දික් කරගෙන කෑ ගහනකොට සෙනේෂ් මනෝහරව පපුවට තුරුලු කරගෙන ආවරණය කර ගන්න උත්සාහ කලා. ඔවුන්ට දුවගෙන ආව ගමන මූද අයිනෙ තියන මහ හෙලක් උඩ නතර වෙනකොට මනෝහර සෙනේෂ් එක්කලා ඒ හෙල මුදුනෙ කොටු වෙච්චි. මනෝහර බයටම එක්කලා වෙව්ලනවා. තුවක්කු ගත්ත සේනාවක් උන් දෙන්නව වට කරගෙන තුවක්කුවද , මහ ප්‍රපාතයද කියලා හිතා ගන්න බැරි තැනක ඔවුන් දෙන්නාව නතර කරලා.

කර කියා ගන්න දෙයක් නැතිව ඒකා සෙනේෂ් ගෙ පපුවට අත් දෙක තියාගෙන කුටු කුටු ගගා මොනවාදෝ මිමිණුවත් සෙනේෂ් මනෝහර ට යන්න දෙන්න සූදානමක් නැහැ.

" මයෙ මහත්තයෝ.... මයෙ මහත්තයා පරිස්සම් වෙන්ඩ ඕනේ මයෙ මහත්තයෝ.... මනෝහර ගෙ මහත්තයා... මනෝහර ගෙ හුස්මනේ මයෙ මහත්තයෝ...  නපුරාට මනෝහරව දීලා අයින් වෙන්න මයෙ මහත්තයෝ.... ඒකා මයෙ මහත්තයා ගෙ හුස්ම පොද ගන්නයි තනන්නෙ මයෙ මහත්තයෝ..... "

මනෝහර සෙනේෂ් ගෙ පපුව මත්තෙ අත් ගහාන කොඳුරනකොට සෙනේෂ් මනෝහරගෙ කම්මුල් දෙකෙන් අල්ලා ගත්තා. ඒකාගෙ ඇස් වලින් සට සට ගාලා  වැටෙන කඳුලු , මූදේ ආශිර්වාදයට පෝෂණය වෙලා ආස්රූ වෙලා බිමට වැටෙනවා සම්නායක ඇමතියා ලෝභ කමේ බලාන උන්නා.

"සම්නායක , උඹට මනෝහරව ගෙනියන්න වෙන්නෙ මගෙ මළ කඳ උඩින් තමයි සම්නායක!! ඒක මතක තියා ගනින්!"

දවස් තුනකට වින්ද වේදනාවේ තරම දන්න සෙනේෂ් , වෙඩි උණ්ඩෙට පපුව සිදුරු උනත් කමක් නෑය කියලා හිතාන මනෝහරව පපුවට තද කරාන යටි ගිරියෙන් කෑ ගහනකොට මනෝහර සෙනේෂ් ගෙ පපුවට ගහ ගහ අඩන්න ගත්තා.


"මයෙ මහත්තයෝ... ඔහොම කතා කරන්න එපා මයෙ... මයෙ මහත්තයෝ..."

මනෝහර ඒ ග්‍රහණයෙන් මිදිලා සෙනේෂ්ව වැහෙන්ඩ අත් දෙක දෙපසට කරලා තියාන ඉස්සරහින් හිට ගන්නකොට  සම්නායක ඇමතියා සෙනේෂ්ගෙ උර ගාවට තරම් උස මනෝහරගෙ හිසට උඩින් පිස්තෝලෙ සෙනේෂ් ගෙ නළලට ඇල්ලුවාම සෙනේෂ් කර කියා ගන්ඩ දෙයක් නැතිව බලාන උන්නා. සම්නායක ඇමති කට කොනට හිනා උනා.

_මනෝහර_  (completed) Where stories live. Discover now