කමෙන්ට් ගෝල් 50
"මට හිතා ගන්න බැරි මේ මුතු පැටව් ගැහුවද කියලා අයිසේ. අනික කබඩ් එක පිටිපස්සෙ මකුලු දැල් ටික කැඩිලා යක්කු නටලා වගේ උනා. ඒ මදිවට දැන් එක ආස්රූ මුතු ඇටයක් මදිවට ඒක ඉස්සරහට තව එකක් වැටිලා. එලියෙ තාප්පෙ ගාව බල්ලෙක් බළලෙක්වත් නොයන පැත්තක තණකොල ටික පොඩි වෙලා තැලිලා ගිහින්. මුන් තාමත් කියන්නෙ මොන රිලවෙක්වත් මෙහෙට පාත් උනෙ නැහැ කියලා"
සම්නායක ඇමති තුමා යටිගිරියෙන් බෙරිහන් දෙනකොට ඔහු ඉස්සරහ උන්නු කාන්තාව සුසුමක් හෙළුවා. තරුණ වියේ උන්නු කාන්තාව විච්චූරණ ජාති සිය දහස් ගානක් මූණෙ උලාන උන්නු නිසා ඒකිගෙ පේන්න තිවුන රූපෙ තමන් හැබහින්ම දකින රූපේද කියලාවත් ඇමති ගොයියට විශ්වාසයක් තිවුනෙ නැහැ.
" ඒක හිතන එක නතර කරන්න ඇමතිතුමා. අපි හම්බුනොත් සර් කතා කරන්නෙම බංගලාවට හොරු පැන්න සිද්ධියක් ගැන. මොකුත්ම නැති වෙලා නෑ කියලා අපි කන්ෆම් කරගෙන ඉවරයිනේ.."
කාන්තාව කියනකොට සම්නායක හිස දෙපැත්තට වැනුවා.
"නැහැ ජේන්. මොකුත් නැති වෙලා නැති එක ඇත්ත. ඒත් මොකෙක් හරි දැක්කා මම එකතු කරපු වස්තුව. මට සැකයි අර මූද බදාන නටන මෝඩ මහාචාර්යවරයා... මොකක්ද උගෙ නම. බරුද්ධද මොකක්ද? මට ආයෙ මතක නෑ"
සම්නායක ඔලුව බරු ගහනකොට ජේන් සුසුමක් හෙළුවා.
"ප්‍රොෆෙසර් සමුද්ධ"
"අන්න හරි ඒකා. ඒකගෙ මොකෙක් හරි හෙංචයියෙක් පාත් වෙලාද කියලා. ඕකා කොහොමත් ගිය පාර වරෙන්තුවක් උස්සගෙන ඇවිත් මගේ නිළ නිවසත් චෙක් කලා. ඕකා මොන ලණුවක් අදීද දන්නෑ මේපාර. කොහොමත් ඌට අපිව සැක ඇති. ඇරත් අර හරක් දෙන්නා හොරු හොයන් ඇවිල්ලා එතනටම ඇවිත් කතා වෙලා කිඳුරු සිතියම ගැන!!!"
සම්නායක ඇමති මේසෙට පාපරක් ගහනකොට නිශ්ශබ්දව ඔහු ඉස්සරහ ඉඳගෙන උන්නු තරුණ කාන්තාව තමන් ඉස්සරහ තිවුන වයින් වීදුරුව තොල ගාන්න පටන් ගත්තා.
"ඉතින් ඇමතිතුමා. ඔය කිඳුරු රාජධානිය ගැන තියන සිතියම මට පෙන්නුවෙ නැහැ නේ...."
![](https://img.wattpad.com/cover/366520961-288-k521613.jpg)
YOU ARE READING
_මනෝහර_ (completed)
Fantasy" මහා කෝළ සන්නි යක්ක උත්තමයගෙ අවතාර දහ අටෙන් ඉපදුණු සන්නි දහ අට දැක්කට ඔය ඇත්තො තාම කිඳුරු සන්නිය දැකලා නෑ නොවැ. ඔන්න බලා ගනිල්ලා මේකයි කිඳුරු සන්නිය!! " Cover credit goes to : lchi_jk