76 : නිමා නොවන කතාවක් (අවසානය)

2.3K 190 174
                                    

සුදු පාට සහ නිල් පාටින් සරසපු මූදු ඝෝෂාවෙන් පිරුණු වෙරලට හිමින් හිමින් අඳුර වැටෙනකොට , ලා නිල් පාට ආලෝකයක් දෙන හතර වටෙන්ම එල්ලුව පහන් දැල්වෙන කොට සුදු පාට වෙඩින් ඩ්‍රෙස් ඇඳ ගත්ත ආදරවන්තයෝ දෙන්නා , මනෝහරයි ඒකාගෙ මහත්තයා සෙනේෂුයි එන එන අමුත්තා එක්කලා සුහද කතා බහක නිරත උනා. මාධ්‍ය වේදීන්ගෙන් පිරිලා තිවුනු සාදේ ඡායාරූප ගැනීම සීමා නැති කොට මනෝහරව තුරුලු කර ගත්ත සෙනේෂ් මේකා මගේය කියලා රටට ලෝකෙට හඬ ගලා කියන්ඩ ඒකාව පපුවට තුරුලු කරාන හැම ඡායා රූපයකටම වාගේ පෙනී උන්නා.

ලංකාවේ සමලිංගික විවාහ නීති ගත කරලා නොතිබුනාට , හැම එකාලාටම තමන් ජීවිත කාලය පුරාම ඉන්න ආත්මීය සහකාරයා මනෝහර විත්තිය කියා පාලා උන් දෙන්නා නීතියෙන් නොලැබුනාට හදවතින් විවාහ වෙන උත්සවය මේ විදියට පැවතුනේ පොඩි හාමුදුරුවන්ගෙ වගේම පන්සලේ සියළුම හාමුදුරුවන්ගෙ ආශිර්වාදය ඇතිව...

දවස් දෙකකට කලියෙන් රිලීස් වෙච්චි සෙනේෂ්ගෙ ' ආදර කතාවක් ' ගීතය නැරඹුම් වාර මිලියනය පැනලා යූ ටියුබ් වලට ට්‍රෙන්ඩින් නම්බර් වන් වෙනකොට ඒ ගීතය පුරාවට තිවුනු "මුහුද ගානට රහසේ ආදරය හංගාගෙන, මුහුදු රැළි ගානට ඒ ආදරයෙ මිහිරි ගී පද අමුණන මායාකාරයා ~ " වෙන කවුරුත් නෙවේ ඒකාගෙ ආදරවන්තයා මනෝහර විත්තිය හැම එකාලාම දැනගෙන උන්නා වගේම, ඒකාගෙ ගීතය සමලිංගික ආදරයක් පදනම් කොටගෙන ලීව ගීතයක් උනත් සෙනේෂ් බලාපොරොත්තු උන තරම් වත් වෛරී ප්‍රකාශ ඒ ගීතයට නොකී සියළු ආදරණීය හදවත් වලට සෙනේෂ් ස්තූති වන්ත උනා. ඇත්තෙන්ම ඒ අමුණපු පදවල පිරිලා තිවුනු ආදරණීය මායාව මිනිස් හිත් වෛරය පරදාලා ආදරයෙන් පුරවන්න සමත් වෙලා තිවුනා.

"ඩොක්ටර් දුටුසේන , ප්‍රොෆෙසර් සමුද්ධ? දැන්ද ආවේ... එන්න ඇවිල්ලා ඉඳ ගන්න"

සෙනේෂ් මනෝහර ගෙ අතින් අල්ලගෙන මහචාර්යවරයාව සහ වෛද්‍යවරයාව ආදරයෙන් පිලි ගන්නකොට වෛද්‍ය දුටුසේන ඒ මේ අත බැලුවේ අහර්ශයි ශයානුයි නැති පැත්තකින් වාඩි වෙන්න හිතාගෙන. නැත්තං ඒකලා දෙන්නා ගාව වාඩී උනොත්, විනෝද සාජ්ජෙ බල්ලට ගියාවේ කියලා පවුල් ප්‍රශ්නවලට තමන්ටත් මැදිහත් වෙන්ඩ සිද්ධ වෙනවා කියලා තේරිලා උන්නේ.

_මනෝහර_  (completed) Where stories live. Discover now