02

229 17 5
                                    

ඉක්මනට ඉක්මනට ඩෙරා එක්කම කාල ඉවර උනේ බලන්න යන්න ලෑස්ති උනු වණ්ඩියෙ අයිතිකාරයා දෙතුන් පාරක්ම කෝල් කරපු නිසා. ඩෙරා සර්විස් සෙන්ටර් එක අරින්න යන්නම් කිව්ව නිසා මම ලීලා මැඩම්ටත් සුපුරුදු හාදුව දීල එලි බැස්සෙ පුංචි ගෙදර පැත්තක තිබ්බ අධි ආරක්ෂිත කලාපෙ නවත්තපු මගෙ හෙලිය; ආච්චම්මට අනුව නම් රාවණාගෙ නැති වෙච්ච දඬු මොනරෙ මගෙ බයික් එක ගාව. මේ කලු පාට ඩුකාටිය කියන්නෙ හම්බ කරන්න ගත්ත පලවෙනි දවසෙ ඉඳන් අවුරුදු 3ක් කන බොන වියදම ඇරියම ඉතුරු කරපු හැම සතේම යට කරපු මගෙ ජීවිතේ.

බයික් එකට නැගල එහෙමම ඉගිල්ලුනේ නුගේගොඩට. එසේ මෙසේ වාහනයක් නෙමේ මේ කැඩිල තියනව කියන්නෙ. උන්ගෙ වාහන කැඩෙන්නෑ කියල හිතන් පොලෝ මට්ටමෙන් අඩි 7ක් 8ක් උඩින් ඉන්න පොරකගෙ වාහනයක්.

පැය බාගයක් යද්දි මම හිටියෙ දාල තිබ්බ ලොකේශන් එකේ. වාහනේ අයිතිකාරය නොහිටියට ඩ්‍රයිවර් කියල මට කිව්ව මගෙ වයසෙ වගේ කොල්ලෙක් නම් එතන හිටිය මම වෙනුවෙන් බලාගෙන.

"මොකෝ බොසා කේස් එක? මෙව්ව එහෙම ලේසියට ලෙඩ දෙන වන්ඩි නම් නෙමේ හැබැයි.."

මම කිව්ව දේට හිනාවක් දාලම කොල්ල කතා කලේ හරි අහිංසක විදියට.

"වාහනේකට උනත් දරාගන්න පුලුවන් සීමාවක් තියනවනෙ මචං. මේ වාහනේ දැන් දවස් 4ක් තිස්සෙ පැය 20ක්වත් එහෙට මෙහෙට දුවනව. මේක අපේ මැඩම්ගෙ වාහනේ. හිතාගන්න පුලුවන්නෙ?"

උත්තර නොදීම යන්න ආපු හිනාව හිර කරගත්ත මම ඉස්සරහ බැලුවෙ වාහනේ අයිතිකාරයා ගෙදරින් එලියට ආපු නිසා. මගෙ ඉස්සරහට ආවෙ රටම දන්න D.C. කන්ස්ට්‍රක්ශන්ස්වල අයිතිකාරයා. ඩග්ලස් චන්දිමාල් වර්දනායක. වයස 50ක් 55ක් විතර උනු මනුස්සයෙක්

"ඕහ් ගුඩ් මෝනිං විරේන්"

ආයිශ්. මේ පගයට මගෙ නම කොච්චර කිව්වත් හරියට කියාගන්න බෑනෙ.

"මිස්ටර් වර්දනායක, මම විරේන් නෙමේ විරාන්."

මම කීවෙ උදේම ලාවට ලෝඩ් වේගන ආපු කේන්තිය මැඩගෙන.

"ඕහ්. සොරි කොල්ලා. දන්නැද්ද ඉතින් ඔලුවෙ තියෙන්නෙ එක දෙයක් නෙමේනෙ. එහෙනම් විරාන් වාහනේ බලන්න. ඔයාට ඕනෙ ටූල්ස් මේ ගයාන්ගෙන් ඉල්ලගන්න."

Fierce Love: Taming the Gang Leader's HeartWhere stories live. Discover now