03

190 18 8
                                    

එදා දවසට තිබ්බ වැඩ ටික ඉවර කරල දාල සර්විස් සෙන්ටර් එක පොඩ්ඩක් කලින් වහල දැම්මෙ ඇඟටත් ටිකක් අමාරුයි වගේ දැනුන නිසා. පොඩි කාලෙ ඉඳන් තිබ්බ රථ ගායට මේක පටන් ගත්තට මොකද වාහන එක්ක ඔට්ටු වෙන එක හිතන තරම් ලේසි නෑ. ඩෙරා වගේම තව කොල්ලො තුන හතරක් හිටිය උනත් මට ඕනෙ උනා පුලුවන් හැම වැඩක්ම මම ම බලන්න. උන්ව අවිස්වාස නිසා නෙමේ, මට මාව ශුවර් නිසා.

නාලා ඇවිත් ලීලා නෝන හදල තිබ්බ සෝස පාට මල් වගේ ඉඳිආප්ප වලින් හතලිහකට විතර ගානක් නැතුවම වග කියල මම ආවෙ කාමරේට.  වෙනදට නම් ආච්චම්ම කටත් ඇරගෙන බලන ඉන්දියන් කතාවෙ පවුල් ප්‍රස්න එහෙම බලල මාත් එන්නෙ. හැබැයි අද උදේ වරුවෙ ඉඳන්ම හිතේ තිබ්බ ප්‍රශ්නෙ ගැන මට නිදහසේ හිතන්න ඕනෙ උනා.

'අර්ර්..මේ පොඩි ගෝනුස්සෙක් මගෙ හිතට ඇවිල්ල දෙන වදයක්. කවදාවත් මේ විරා මෙහෙම කන්පියුස් වෙලා නෑ යකෝ'

ඔලුව දෙපැත්තට ගසල දාල ඇඳට පැන්නෙ ආයෙම අර පොඩි එකාගෙ අඬන ඇස් දෙක මගේ ඔලුවෙ මැවෙද්දි. මුලු රෑම ඇහැරගෙන හිතන්න දේවල් තිබ්බ උනත් මහන්සියටම නින්ද ගිහින් තිබ්බෙ මටත් නොදැනිමයි.

පහුවදා උදේ ලීලා එලාර්ම් සර්විස් එකට පිං සිද්ධ වෙන්න යන්තම් පරක්කු නොවී ඇහැරුනා උනත් වෙනද වගේ වර්ක් - අවුට් කරන්න වෙලාවක් තිබ්බෙ නෑ. උදේට හදල තිබ්බෙ මොනවදවත් නොබල දඩි බිඩි ගාල ගිලල දැම්මෙ ඩෙරා කාල බීල එලියටත් වෙලා ඉද්දි.

ඌත් එක්කම සර්විස් සෙන්ටර් එකට් ගිහින් වැඩ පටන් අරන් මහ වෙලාවක් ගියේ නෑ අපිත් එක්ක වැඩ කරන රජිය මාව හොයන් ආවෙ මම වාහනයක් යටට වෙලා ඉද්දි.

"විරා බොස්..පොඩ්ඩක් එලියට එන්න පුලුවන් වෙයිද?"

මූට ඉතින් මේ වෙලේම එන්න ඕනෙ උනා.

"අනේ හු#න්නො මම මේ වාහනයක් යට ඉන්නෙ ඔෆිස් එකක් ඇතුලෙ නෙමේ එලියට එන්න"

"අනේ හු#න්නො මම මේ වාහනයක් යට ඉන්නෙ ඔෆිස් එකක් ඇතුලෙ නෙමේ එලියට එන්න"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Fierce Love: Taming the Gang Leader's HeartWhere stories live. Discover now