14

135 8 9
                                    

මං කොළඹ ඇවිල්ල දවස් 4ක් ගෙවුණත් තාමත් මට කරන්න ආපු වැඩ ටික හරියට ඉවර කරගන්න බැරි උනා. ඒ අස්සෙ නිකිලුත් එහෙ ඉඳන් පිස්සු කෙලින්න තියාගෙන තිබ්බ නිසා මම හිටියෙ ඕනෙම වෙලාවක වෙන පොඩි දේකින් උනත් ස්ඵෝටනය වෙන්න බලාගෙන.

හරි හමන් සිහි කල්පනාවක් නැතුව සර්විස් සෙන්ටර් එකේ වැඩ කරන්න ගිහින් වම් අතේ ඇඟිල්ලකින් සෑහෙන කොටසක් පොතු ගහගෙන හිටියෙ මම ඒ වෙද්දි. ගෙවුණු දවස්ටිකේ දැනිච්ච ස්ට්‍රෙස් එක කොච්චරද කියනව නම් සමහර දවස්වල හැන්දෑවට මම මොකෙද්ද වගේ බිව්ව. යාන්තම් ඩෙරාගෙ කර උඩින් ගෙදර යාගන්න පුලුවන් තරම් බීපු මං ඊට පස්සෙ ගෙදර ගියාම ශට් ඩවුන් වෙන්නම ගැහුව.

ලීලා නෝනා හිතාගෙන හිටියෙ පහුගිය ටිකේ මම කෙල්ලෙක් පස්සෙන් ගිහින් ඒක බ්‍රේකප් වෙලා දුකට බොනවයි කියල. මමත් එයාට ඒක එහෙමම හිතාගන්න ඇරිය. මොකද ඔව්වයෙ ලිංගෙ එහෙ මෙහෙ උනාට 25% ක වගේ ඇත්තක් නැත්තෙත් නෑනෙ. බූටක් කාල වගේ තමා මම හිටියෙ.

මම බෙරගලින් ආවට පස්සෙම නිකිල් මේ වෙනකන් මාත් එක්ක එක වචනයක්වත් කතා කරල නෑ. මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් හිතුණොත්. මම එදා එන්න කලින් උදේ කිචන් එකේදි කොල්ලට ෆෝන් එකක් දුන්න උනත් ඌ ඒක පාවිච්චි කරන පාටන් නෑ කියල සමීරය මට කිව්ව.

නිකිල් ගැන මට දැනගන්න උනේ සමීරගෙන්. ඌ හිනාවෙවී මාව ජෝක් එකට ගත්ත උනත් ඇත්තටම මම හිටියෙ මාරම අවුලෙන්. මොකද සමීර කිව්ව විදියට නිකිල් දවසම ටීවී බලනව, නිදාගන්නව හිතුනොත් කොත්තු මී හරි මොනා හරි කනව මිසක් මම ආවට පස්සෙම හරියට වේලක් උයල තිබ්බෙ නෑ.

ඒ අස්සෙ මට තාමත් මාරෝ ඉන්න තැනක්වත් ඌ කරන්න යන දෙයක්වත් හොයාගන්න බැරි උනා. මට දැනගන්න ඕනෙ උනේ තාමත් ඌ නිකිල්ව ෆලෝ කරනවද කියන එක. හැබැයි මට උගේවත් උගේ ගෝලයෙක්ගෙවත් හුලඟක්වත් හොයාගන්න බැරි උනා.

ඒ වගේමයි තාමත් පොලිසියට මොන විදියකින්වත් වර්ධනායගෙ ෆයිෆ්ව හරි ඒ ගෑනිගෙ පුතාව හරි හම්බෙලා තිබ්බෙ නෑ. නිකිල් වගේම උන් දෙන්නත් කිඩ්නැප් කරල කියන එක තමයි ඒ වෙද්දි පොලීසියෙ නිගමනේ උනේ. මොකද නිකිල්ව කවුරු හරි ෆලෝ කරනව කියන එක එයාගෙ යාලුව දැනන් ඉඳල තිබ්බ වගේම එදා ක්ලාස් එකෙන් එලියට එද්දි ඒ මිනිස්සු නිකිල් පස්සෙ යනව ඒ ළමය දැකල තිබ්බ.

Fierce Love: Taming the Gang Leader's HeartWhere stories live. Discover now