13

129 7 8
                                    

එදා හවස වත්තට ගිහින් වැඩ ටික ඉවර කරන් ආව විතරයි නිකිල් රෑට කෑම හදන්න පටන් ගත්ත. ඒ වෙද්දිත් රෑ 9 විතර වෙලා. කලින් එන්න හැදුවට අර වත්තෙ පොඩි ඇච්චොත් එක්ක සෙට් වෙච්ච මේ හිතුවක්කාරයව එතනින් ගේන්නම මට සෑහෙන වෙලාවක් ගියා.

අන්තිමට පොඩ්ඩක් සැර කලාම තමා මූණත් හපුටු කරගෙන එන්න ආවෙ. ඒ ඇවිල්ලත් කිචන් එකට ගියේ මට ඔරවගෙනම තමා. දාල එන්න තිබ්බෙ ඕන විදියක ඉඳපන් කියල.

"මොකද චූටි හැමවෙලේම ඔය ගස්සන්නෙ? මූණ වදී ගිහින් බිත්තියේ දැන්"

"යැයි යැයි යැයි තමා...මෙන්න මේ කැරට් ගෙඩි දෙක සුද්ද කරල ග්‍රේට් කරල දෙන්නකො අයියෙ මට බොරුවට කියව කියව ඉන්න වෙලාවෙ."

කොහොම හිටපු විරාන්ද මේ සුදුමහත්තයගෙ තාඩන පීඩන වලට ලක් වෙන්නෙ.

"මෙව්ව නම් ඩොමෙස්ටික් වයලන්ස් චූටි. බලනව අර ශිවා ගෙනල්ල දෙන දෙයක් කාල පාඩුවෙ ඉන්න තිබ්බ එකනෙ බොරුවට නහින්නෙ ඉඳගෙන."

මාරාන්තික රැවිල්ල රැව්ව පොඩි එකා මන් දිහා බලල. පිහියත් අතේ නිසා මම ශේප් එකට කතාව මාරු කලේ ආයෙම යාලිනීව මතක් වෙලා කියවයි කියල බයට. යාලිනී කියන්නෙ ශිවාගෙ දුව. කෙල්ල මටත් වඩා වැඩිමල් ඒ උනාට අහවස ඒහේ ගිය වෙලේ ඉඳන් මුගේ වැඩේ ඒ කෙල්ලට හෝ ගාල රවන එක.

ගමේ හැමෝත් එක්කම වචනයක් හරි කතා කලා මූ යාලිනී එක්ක ඇරෙන්න. මතක් වෙද්දිත් මට හිනායි.

"නිකිල් මේ අහන්නකො.."

"මෙහෙ නිකිල් ල නෑ. චූටි කියනා චූටි..."

පුහ්...මුගෙ ලයින් යකෝ....

"ආ......චූටි..."

"ඕ......"

"ඔයාගෙ ක්ලාස්වලට මොකද කරන්නෙ බබා?"

"බබා.....හ්?"

මුගේ කන නම් අවශ්‍ය දේ අයින් කරල අනවශ්‍ය දේ ෆිල්ටර් කරගන්න හැදිච්ච එකක්ද කොහෙද...

"හරි මට ආදරේ වැඩි වෙලා කියවුණේ. දැන් කියන්නකො...ක්ලාසස් වලට මොකද කරන්නෙ? එහෙ ගියා වගේ හොඳ ක්ලාස් මෙහෙ නම් හොයන්න නෑ..."

"අනේ මං ඒලෙවල් ලියන්නම ඕනෙද අප්පා...ඔයා මාව බලාගන්නෝනෙ මම මොකටෑ ඉගෙනගන්නෙ"

Fierce Love: Taming the Gang Leader's HeartWhere stories live. Discover now