04

175 13 3
                                    

සර්විස් එකට ඕනෙ කරන පාර්ට්ස් වගයක් ගේන්න අපේ කොල්ලෙක් එක්ක ගිය ඩෙරා ආවෙ හවස් වෙන්න කිට්ටු කරල. සාමාන්‍යයෙන් මාසෙකට දවසක්වත් ඔහොම යන්න වෙනව. ඒ වැඩේ කැමැත්තෙන් ම කරන්නෙ ඩෙරා.

ඒ වෙද්දිත් එදා දවසෙ වැඩ ඉවර වෙලා සර්විස් සෙන්ටර් එක වහල තිබුණා උනත් මම ඔෆිස් කැබින් එකට වෙලා හිටියෙ ගෙදර යන්න තරම් ෆීලිං එකක් හිතට නොතිබ්බ නිසා. උදේ නිකිල් ඇවිල්ල ගිය වෙලේ ඉඳන් හිතේ තිබ්බ නොසන්සුන් ගතිය මාව පීඩාවට පත් කරල තිබුණෙ. වෙනදට මේ වෙද්දි මම ගෙයනව කියල දන්න නිසාම වෙන්න ඇති ඩෙරා කැබින් එකේ දොරත් ඇරන් ආවෙ පුදුමෙන්

"උබ මොකද විරූ ගෙදර ගියේ නැත්තෙ? මුකුත් අවුලක්ද? රජිය මට කිව්ව උබ උදේ ඉඳන් මූඩ් ගහල කියල? මොකද උනේ?"

"......................."

"කතා කරපියකො පරයො බය නොකර. තෝ ඔහොම ඉන්න හු&න්නෙක් නෙමේනෙ. මොකද උනේ බං"

"මං කෙනෙක්ට ආදරේ කරන්න අරන් ඩෙරා..."

දවසම එහෙ මෙහෙ ඇවිදලා මහන්සි වෙලා හිටපු එකාව තව මහන්සි කරන්න නොහිතුණු නිසාම හිතට ආපු පලවෙනිම බරම හැඟීම එලියට දාල දැම්මෙ මූ එක්ක මොන දේ කිව්වත් මගෙ හිත නිදහස් වෙනව කියල අත්දැකීමෙන්ම දන්න නිසා.

"වට් ද ෆ* හු&තො උබ මේ සිරාද?

ඌට පුදුමෙ දරාගන්න බැරුව නටනව. ඇත්ත ඉතින් මම ගැන හොඳටම දන්නෙ මේ පරෙයියනෙ. සෝෆා එකේ වාඩි වෙලා හිටිය මං ගාවටම වර්කිං ටේබල් එක ගාව තිබ්බ කස්ටමර් චෙයාර් එකක් ඇදගෙන වාඩි වෙලා දැන් මේකා මගේ දිහා මේ බලන් ඉන්නෙ මම ජාතකේ කිව්ව තොරණෙ විස්තරේ අහන්න.

"උබට මතකද මම ඊයෙ පොඩි එකෙක් ඇවිල්ල ඇඟේ හැප්පුණා කිව්වා?"

"ඔව් අර වාහනයක් හදන්න ගිය දිහාදිනෙ. කවුද වරනායක නේද?"

"නෑ බ%ලො වර්ධනායක"

"ඕන හු%තෙක් ඉතින්?"

"ඉතින් කියන්නෙ ඌ තමයි. උබ දන්නවනෙ මම කොහොමත් ගෑනුන්ට කැමති නෑ කියල"

"දැන් අද අර ආව කියන්නෙ ඔය පොඩි බට්ටද එතෝට? උබ රජියවත් යවල මේක අස්සෙ හැ%නුනේ පොඩි එකෙක් එක්කද බං? අනේ මන්ද විරා උබ මේ පාර නම් මහ එකෙන්ම කෙලවගන්න යන්නෙ."

Fierce Love: Taming the Gang Leader's HeartWhere stories live. Discover now