05

150 13 1
                                    

"ආහ්...අයියෙ....?"

"...................."

"කොයි වෙලේද ආවෙ අනේ? මට ඇහුණෙවත් නෑනෙ?"

"ඇහෙන්න තමුසෙ මේ ලෝකෙ සිහියක හිටියද නිකිල්? උබට ඔක්කොටම වැඩිය ලොකු පූස් මීටිමක් තිබ්බනෙ"

"....................."

ඔන්න ඉතින් සද්ද වහල පූසටත් වඩා කියුට් මූණක් හදාගෙන බිම බලන් ඉන්නව. අල්ලගෙන ඉඹින්නමයි හිතෙන්නෙ මූව. තාම ඉක්මන් වැඩිනෙ

"ම්ම්....මේ හෙල්මට් එක දාගන්න නිදහසේ කතා කරන්න පුලුවන් තැනකට යන්න ඕනෙ චූටි. ඔයාට කියන්න දේකුත් තියනව අහගන්න දේවලුත් තියනව බබා"

අන්තිම වචනෙ ටිකක් බර කරලම කිව්වෙ හිතලමයි මං. හිතුව වගේම කොල්ල ගැස්සිලා මගෙ මූණ දිහා බැලුවත් ඒකෙ අවුලක් නෑ වගේ. මෙව්ව මේ angle sign ද?

"අයියෙ, අනේ මේ ලොක් එක දාන්නකු.....හ්. ඒක අමුතුයි මට තේරෙන්නෑ"

හෙල්මට් එකේ ලොක් එක දාගන්න දඟලලා දඟලලා අන්තිමට පුදුම හුරතලයක් දාල ඒක කිව්වෙත්. පපුවත් රිදෙනව වගේ මේකගෙ මේ ඇක්ශන් දැමිල්ලට නම්.

"අනේ යකෝ හෙල්මට් එකක් ලොක් කරගන්න බැරිද?"

"ඉතින් වදේ මම බයික්වල යනවද?"

"ඇයි තමුසෙගෙ මහ ලොකු අයියකාරයට බයික් කලෙක්ශන් එකක් තියේ නේද?"

මම ඒ වෙලේ මූඩ් එකත් එක්ක එහෙම කිව්වට ඒකෙන් කොල්ලගෙ හිත ඕනවටත් වඩා රිදුණ කියල තේරුණේ මම ලොක් එක දානකන් බිම බලන් හිටිය කොල්ලගෙ ඇහැකින් වැටුණු කදුළු බිංදුවක් මගෙ අතක පිටිඅල්ලට වැටුණු නිසා. මට මං එක්කම කේන්තියක් ආවෙ. හැමදාටම මගේ කරගෙන ආදරෙන් බලාගන්නව කියල හිතපු කොල්ලව මගෙ වෙන්නත් කලින් රිද්දනව කියල තේරෙද්දි??

"නිකිල්....?"

"........................................."

"කෝ මෙහෙ බලන්න"

"..........................................."

"කිව්වම අහල මගෙ දිහා බලපන් නිකිල්. මම කතා කරනව ඇහෙනවනෙ උබට"

මෙච්චර කතා කරලත් පොඩි එකා ඔලුව උස්සන්නැතුව ඉද්දි මොනව කලත් පාලනේ කරගන්න බැරි මගෙ කේන්තිය උඩ ආවෙ නිකිල් ගැස්සිලා ගිහින් මගෙ මූණ දිහා බලද්දි. ඒ ටිකට කම්මුල් දෙකයි නහයයි රතු වෙලා මුගෙ බීට් අලේ වගේ.

Fierce Love: Taming the Gang Leader's HeartWhere stories live. Discover now