12

115 8 4
                                    

" ඔයාට ඕනෙ හිතෙන ඇඳුම්, ශූස් ඔක්කොම ගන්න හොඳද? කොච්චර දවසක් මෙහෙ ඉන්න වෙයිද දන්නෙ නෑනෙ."

"ඒත් අයියෙ-"

"විනාඩි 10ක් දෙනව ඔයා ගත්තෙ නැතොත් මම අරන් දෙන ඔක්කොම ගන්න ඕනෙ හරිද? සීතලට අඳින ඒව වැඩියෙන් ගන්න ඔයාට ඉක්මනට සීතල අල්ලනව චූටි."

මම නිකිල් එක්ක ඇවිල්ල හිටියෙ බලංගොඩ ටවුන් එකේ තිබ්බ ටිකක් ලොකු ශොපින් කම්ප්ලෙක්ස් එකකට. ශොපින් කම්ප්ලෙක්ස් එකක් කියන්නත් බෑ. හැබැයි ෆ්ලෝ තුන හතරක ඕන කරන ඔක්කොම ඇඳුම්, ශූස් වගේ දේවල් තිබ්බ.

නිකිල්ට උයන්න ඕනෙ කිව්ව නිසා ඕනෙ කරන ග්‍රොසරීසුත් මෙහෙන්ම ගෙනියනව කියල හිතුවට කොල්ලගෙන් ආයෙම අහන්න ඕනෙ උයන වැඩේ ගැන නම්. ගෙදරත් නිදහසක් නොතිබ්බ පොඩි එකාව මං ගාවදිත් මහන්සි කරවන්න ඕනෙ උන්නෑ මට.

කොහොම හරි නිකිල් එයාට ඕනෙ දේවල් තෝරගන්නව දැක්ක නිසා මම පැත්තක තිබ්බ සෝෆා එකකින් වාඩි වෙලා එයා දිහාම බලන් හිටියා.

ටීශර්ට් දෙක තුනක්ම අතට අරන් ඇඟට තියල බලල ආයෙම හැඟර් එකට දානව. තාම අරන් තියෙන්නෙ මමත් එක්කම ගිහින් ගත්තු ට්‍රව්සර් ටික විතරයි. ඉවසීමේ ධන රේඛාව පස්සට පස්සට යනව කියල තේරෙද්දි නැගිටලා මම ආයෙම ගියේ නිකිල් ගාවට.

"කෝ අහකට වෙනව..."

"අ....අයියේ...."

"මේ සයිස් එක? තමුසෙ XL අඳිනවද බං?"

"ම්හ්ම්ම්...අයියට එකක් බැලුවෙ...."

මෙච්චර වෙලා ඇඟට තිය තිය බලල තියෙන්නෙ XL සයිස් එකේ ටීශර්ට් වගයක් ඒකත් මට. ඇත්තමයි මූට මගේ යකා අවුස්සන්නෙ නැතුව නිකන් කෑවෙ නෑ වගේද කොහෙද. හැබැයි එයාටත් කලින් මං ගැන එහෙම හිතන්න මටම කියල මනුස්සයෙක් ඉන්නව කියල හිතද්දි නිකිල් ගැන හිතට දැනුනෙ කියාගන්න බැරි තරම් ආදරයක්.

"මට ඇඳුම් තෝරන්නෙ උබට ගන්න කියපුවා අරගෙනද බං? නිකිල් මේ අහන්න, මම ඔයාව එක්කන් ආවෙ ඔයාට ඇඳුම් තව ඕනෙ දේවල් ගන්න. මම මෙහෙ එන්න ලෑස්ති වෙලා ආවට ඔයාව මම ගෙන්න ගත්තෙ කලබලෙන් ම්ම්ම්ම්...."

කොට චූටියගෙ මූණටම පාත් වෙලා මම එහෙම කියද්දි හුරතල් මූණක් හදාගෙන මගේ අත බදාගෙන මූණ අස්සෙ ගහගත්ත ඒ ගමන.

Fierce Love: Taming the Gang Leader's HeartWhere stories live. Discover now